චීන ජනපතිගේ නියෝගයක් ගැන අනාවරණයක්

තායිවානය ආක්‍රමණය කිරීමට සූදානම් වන ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් සිය හමුදාවට නියෝග කර ඇති බව අමෙරිකාවේ CIA බුද්ධි ඒජන්සිය අනතුරු අඟවනවා.

CIA අධ්‍යක්ෂක විලියම් බර්න්ස් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ යුක්‍රේනයේ පැවැත්වෙන සටන් වලින් රුසියානු හමුදාවේ දුර්වල ක්‍රියාකාරිත්වයන් සම්බන්ධයෙන් බටහිර රටවල් සන්සුන්ව සිටියද, තායිවානය කෙරෙහි චීන ජනාධිපතිවරයාගේ අභිලාෂයන් කිසිසේත් අවතක්සේරු නොකළ යුතු බවයි.

2027 වර්ෂය වන විට තායිවානය ආක්‍රමණය කිරීමට සූදානම් වන ලෙස චීන ජනාධිපතිවරයා සිය හමුදාවට නියෝග කර ඇති බවට අමෙරිකාවට බුද්ධි තොරතුරු ලැබී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම බුද්ධි තොරතුරු වලින් ගම්‍ය වන්නේ 2027 වර්ෂය වන විට චීනය විසින් අනිවාර්යෙන් තායිවානය ආක්‍රමණය කිරීමක් සඳහන් නොවුනද, එය ඔවුන්ගේ අභිලාෂය බවයි CIA අධ්‍යක්ෂකවරයා වොෂින්ටනයේ ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ.

ලැබී ඇති බුද්ධි තොරතුරු වලට අනුව තායිවානය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව CIA සංවිධානය කිසිසේත් අවතක්සේරු නොකරන බව ඔහු සඳහන් කළා.

මේ අතර පසුගිය සති කිහිපයේදී යුක්රේනයට එරෙහි යුද්ධයේදී රුසියාව යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් සිටින බවත් ඉදිරි මාස 6ක කාලය රුසියානු – යුක්රේන යුද්ධයේ තීරණාත්මක කාල පරිච්ජේදයක් වනු ඇති බවයි CIA අධ්‍යක්ෂකවරයා කියාසිටියේ.

එමෙන්ම ඉරාන රජයට එරෙහිව පැන නැගී ඇති විරෝධතා හමුවේ එම රජය දිනෙන් දින අස්ථාවර වෙමින් පවතින තත්ත්වයක් පෙන්නුම් කරනු ලබන බවයි CIA අධ්‍යක්ෂක විලියම් බර්න්ස් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32