චීන ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට ලිපියක්

චීන ජනාධිපති ෂි ජින්පින් විසින් ලබාදුන් ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත චීන උප අමාත්‍ය චෙන් ෂෝ විසින් ලබාදී තිබෙනවා.

ඒ අද පස්වරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි.

මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ උප ඇමති චෙන් ෂෝ අද සවස ජනාධිපති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ හමුවූ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ලිපියක් ශ්‍රී ලංකා ජනාධිපති වෙත ලබාදුන් බවයි.

චීන නියෝජිත පිරිස ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ පක්ෂ අතර තොරතුරු හුවමාරු කර ගැනීම පිළිබඳ මිත්‍රශීලී සහ ඵලදායී සංවාදයක් පැවැත්වූ බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙන්ම නුදුරු අනාගතයේ දී රටේ ආර්ථිකයටත් චීනයේ සහාය බලාපොරොත්තුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16