චීන කාන්තාවන්ගෙන් තුන් දරු ප්‍රතිපත්තියට විරෝධයක් – චීනයේ උපත් අනුපාතය අඛණ්ඩව පහතට

චීන කොමියුනිස්ට් පක්ෂය තුන් දරු ප්‍රතිපත්තියේ කොටසක් ලෙස අලුත විවාහ වූ තරුණ තරුණියන්ට දින 30ක වැටුප් සහිත නිවාඩුවක් ලබාදීමට තීරණය කර තිබුණ ද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මෑතකාලීන වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ චීනයේ බොහෝ කාන්තාවන් රජයේ මෙම ප්‍රතිපත්තිය පිළිබඳ සැක මතු කිරීමයි.

ළමා රැකවරණය පිළිබඳ පවතින දේශපාලන තත්ත්වය චීන කාන්තාවන් වැඩි වශයෙන් දරුවන් ලැබීමට ඇති අකමැත්තට හේතුවී තිබෙනවා.

Voice Against Autocracy හෙවත් ඒකාධිකාරයට එරෙහි හඬ සංවිධානය විසින් ලියන ලද ලිපියකින් චීනයේ තුන්දරු ප්‍රතිපත්තියෙහි ඇති විෂමතා අනාවරණය කරමින් පෙන්වා දී ඇත්තේ එම ප්‍රතිපත්තිය කාන්තාවන්ගේ ප්‍රජනන අයිතීන් උල්ලංඝනය කර ඇති බවයි.

එමගින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ අසමාන බරක් මව්වරුන් මත පටවා ඇති බැවින් එය ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට බලපාන බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

චීනයේ උපත් අනුපාත පහත වැටීමට හේතු වී තිබුණේ 1980 සහ 2015 අතර කාලය සඳහා චීන රජය විසින් පනවන ලද “එක් දරුවෙකු” ප්‍රතිපත්තියයි.

එසේම අධ්‍යාපන වියදම් ඉහළ යාම බොහෝ චීන ජාතිකයින් එක් දරුවෙකුට වඩා සිටීම හෝ කිසිසේත්ම දරුවන් නොලබා සිටීමට තරම් හේතුවක් බවට පත්කරගෙන තිබෙනවා.

චීන රජය වසර 35ක් පුරා එක් දරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ අතර ඒ යටතේ මිලියන ගණනක් කාන්තාවන් බලහත්කාර උපත් පාලන ක්‍රම, බලහත්කාර වන්ධ්‍යාකරණය සහ බලහත්කාර ගබ්සාකරණයට යොමු කර තිබුණා.

උපත් අනුපාතිකය පහත වැටීමත් සමග චීන රජය 2016 දී එක් දරු ප්‍රතිපත්තියේ සිට දරු දෙදෙනකු සඳහා වන ප්‍රතිපත්තියට වේගයෙන් අවතීර්ණ වීමට පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, රජය 2021 දී දරුවන් තිදෙනෙකුගේ ප්‍රතිපත්තියකට ද පියවර තබමින් බදු කප්පාදු, සහනාධාර, මුදල් ත්‍යාග සහ වෙනත් දිරිගැන්වීම් ලබා දීමට කටයුතු කළ ද ඒ සඳහා චීන ජනතාවගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ.

ඒ සඳහා විවිධ වේදිකා මත දී විවේචනද එල්ල වුණා. ඉන් එක් අවස්ථාවක දී සුඛෝපභෝගී මෝටර් රථයක් උපමාවට ගනිමින් අදහස් පළ වී තිබුණේ පුද්ගලයෙකු rolls royce රථ තුනක් මිලදී නොගන්නේ ඒ සඳහා ඇති සීමාවන් නිසා නොව ඒවා මිල අධික නිසා බවයි.

එසේම දරුවන් තිදෙනකු ලැබීමට තමාට ඇති අයිතිය කෝටාවක් ලෙස සලකා එය ධනවතුන්ට විකිණීමට අවශ්‍ය බවට තවත් අවස්ථාවකදී පුද්ගලයෙකු විසින් අදහස් දක්වා තිබුණා.

කෙසේ වෙතත් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ දරුවන් පිළිබඳ ආරක්ෂාව සම්බන්ධයෙන් අසමාන බරක් මව්වරුන් මත පැටවීම සහ කාන්තාවන්ගේ වෘත්තීය ජීවිතයට එය අහිතකර බලපෑම් එල්ල කිරීම හේතුවෙන් චීන කාන්තාවන් එරට රජයේ තුන් දරු ප්‍රතිපත්තියට ප්‍රති විරෝධයක් දක්වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37