චීන ඔත්තුසේවා ජාලය ගැන අනතුරු ඇඟවීමක්

චීන බුද්ධි අංශ නිලධාරීන් විසින් ලින්ක්ඩ්න් (LinkedIn), ඉන්ඩීඩ් (Indeed) සහ අප්වර්ක් (Upwork) වැනි ලොව ප්‍රමුඛතම වෘත්තීය සහ රැකියා වෙබ් අඩවිවල ව්‍යාජ ගිණුම් සකස් කරමින් බටහිර රටවල රාජ්‍ය තාන්ත්‍රික, මිලිටරි සහ ආරක්ෂක අංශවල නිලධාරීන් ඉලක්ක කරගෙන රහසිගත තොරතුරු ලබාගැනීමේ මහා පරිමාණ ජාලයක් ක්‍රියාත්මක කරන බවට ලොව ප්‍රමුඛතම බුද්ධි ආරක්ෂක සන්ධානයක් වන ‘ෆයිව් අයිස්’ (Five Eyes) අනතුරු අඟවා තිබෙනවා.

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය යන රටවල බුද්ධි අංශවලින් සමන්විත මෙම සන්ධානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, චීන නියෝජිතයන් විදේශ ප්‍රතිපත්ති හෝ ආරක්ෂක විශ්ලේෂකයන් (Defence Analysts) වැනි ව්‍යාජ තනතුරු සඳහා ප්‍රසිද්ධ ආයතන මුවාවෙන් දැන්වීම් පළකරන බවයි.

ඉන් අනතුරුව, රජයේ රහසිගත තොරතුරු, මිලිටරි මෙහෙයුම් සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයින්ගේ ජීවදත්ත පත්‍රිකා (CV) පරීක්ෂා කර ඔවුන්ව අන්තර්ජාල සම්මුඛ පරීක්ෂණ සඳහා සම්බන්ධ කරගන්නා බව එහි සඳහන් වනවා.

ආරම්භයේදී සාමාන්‍ය වාර්තා සකස් කිරීම වෙනුවෙන් ඩොලර් සිය ගණනක මුදල් ගෙවන අතර, පසුව ඔවුන්ව ටෙලිග්‍රෑම් වැනි සන්නිවේදන යෙදවුම් වෙත යොමුකර වඩාත් සංවේදී සහ රහසිගත තොරතුරු ලබාගැනීම සඳහා විශාල මුදල් සම්භාරයක් ලබාදීමට පොළඹවන බව බුද්ධි අංශ පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ චීන තානාපති කාර්යාලය මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙය චීනය අපකීර්තියට පත් කිරීම සඳහා සිදුකරන ව්‍යාජ ප්‍රචාරණයක් බව ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42