චීන ඉන්ධන පිරවුම්හල් 150ක් සහ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානය කඩිනමින් ලංකාවේ

චීන ආයෝජනයක් ලෙස දිනකට බොරතෙල් ටොන් 4ක් පිරිපහදු කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුතු පිරිපහදු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව මෙරට චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා මල්වතු අස්ගිරි මහානානක ස්වාමීන් වහන්සේලා දෙනම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

චීන තානාපතිවරයා අද අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් ද මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් ද බැහැදැක සාකච්ඡාවක නිරත වුණා.

ශ්‍රී ලංකාවේ දැනට ඇති බොරතෙල් පිරිපහදුව හැටේ දශකයේ ඉදි කරන ලද ඉතා පැරණි එකක් බවත් චීන ආයෝජනයක් ලෙස ඉදි කිරීමට යෝජිත නව තාක්ෂණයෙන් යුත් තෙල් පිරිපහදුව විවෘත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවයි තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ.

චීනය මගින් ඉන්ධන පිරවුම්හල් 150ක් කඩිනමින් ශ්‍රී ලංකාව තුළ විවෘත කිරීමට සැළසුම් කර ඇති බව ද තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මෙම වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 120-140 අතර මුදලක් චීනය මගින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සැළසුම් කර ඇති අතර ඒ ඔස්සේ නව රැකියා අවස්ථා රැසක් බිහිවනු ඇති බවයි චීන තානාපතිවරයා මහනාහිමිවරුන් හමුවේ කියාසිටියේ.

හැකියාවන් ගෙන් පිරිපුන් දක්ෂ ශ්‍රී ලාංකිකයින්ට එම අයෝජන ඔස්සේ බිහිවන කර්මාන්ත සමඟ එකතු වී වැඩ කළ හැකි බව ද ඔහු අවධාරණය කළා.

මේ වනවිට චීනය ඇමරිකානු ආර්ථිකය අභිබවා ගොස් ලොව ආර්ථිකයේ පළමු ස්ථානය ලබා තිබෙන බව ද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18