චීනය පාකිස්තානයට දෙන්න හදන ප්‍රහාරක ජෙට් යානා නිසා ඉන්දියාව කුලප්පු වෙයි

ජම්මු කාශ්මීර යුද ගැටුම් තාවකාලික ව හමුදා මැදිහත්වීම්වලින් තොරව පවතින තත්ත්වයක දී පාකිස්තාන හිතවාදී චීනය සිය මිතුරු රාජ්‍යය වෙත ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානා පිරිනැමීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

NDTV මාධ්‍ය වාර්තා කළේ මෙම තොරතුර සැලවීමත් සමග ඉන්දියාව ද තම ප්‍රතිවාදියාට වඩා ගුවන් ආධිපත්‍යය පුළුල් කර ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානා සෑදීමේ රාමුවක් රජය විසින් අනුමත කර ඇති බවයි.

ඉන්දියාවේ වඩාත්ම දියුණු ප්‍රහාරක ජෙට් යානය සහ රටේ පළමු ස්ටෙල්ත් ගුවන් යානය තැනීමේ ව්‍යාපෘතියක් ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං විසින් අනුමත කර තිබෙනවා.

ප්‍රහාරක ජෙට් යානය ද්විත්ව එන්ජින් සහිත, 5 වන පරම්පරාවේ හමුදා ගුවන් යානයක් වන අතර, මෙම වැඩසටහන රාජ්‍ය ගුවන් සේවා සංවර්ධන ඒජන්සිය හෝ ADA විසින් ක්‍රියාත්මක කරනු ඇති.

ආරක්ෂක අමාත්‍යාංශ රාමුවට අනුව, ස්ටෙල්ත් ගුවන් යානය සඳහා මූලාකෘතියක් සංවර්ධනය කිරීමෙන් අභිලාෂකාමී ව්‍යාපෘතියට සහභාගී වීමට ඔවුන්ගේ මූලික උනන්දුව ප්‍රකාශ කරන ලෙස ADA රාජ්‍ය සහ පෞද්ගලික ආරක්ෂක සමාගම් දෙකටම ආරාධනා කිරීම ද කඩිනමින් සිදු වනු ඇති බවයි පැවසෙන්නේ.

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයකින් කියැවුණේ ස්ටෙල්ත් ප්‍රහාරක වැඩසටහන මෙහෙයවනු ලබන්නේ දේශීය සමාගමක් විසින් පමණක් බවත්, ඒ සඳහා ස්වාධීනව මෙන්ම ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ලංසු ඉදිරිපත් කළ හැකි බවත්ය.

මෙම ලංසු රජය විසින් පවත්වාගෙන යනු ලබන සමාගම් මෙන්ම පෞද්ගලික ව්‍යවසායන් විසින් ද ඉදිරිපත් කළ හැකි බවත් එහි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14