චීනයේ ළමුන් අතර පැතිර යන නිව්මෝනියා රෝගය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය තොරතුරු ඉල්ලයි

චීනයෙන් උතුරු ප්‍රදේශයේ ළමුන් අතර පැතිර යන හඳුනා නොගත් නියුමෝනියා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අවධානය යොමුවී තිබෙනවා. ඔවුන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු චීන සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රාජ්‍ය නොවන මාධ්‍ය වාර්තා පවසන්නේ චීනයේ ඇතැම් ප්‍රදේශවල ළමා රෝහල් රෝගී දරුවන්ගෙන් පිරී ගොස් ඇති බවයි.

චීන බලධාරීන් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පැනවූ ආරක්‍ෂිත පියවර පියවර ඉවත් කිරීම හේතුවෙන් මෙම ශීත සෘතුවේ උණ වැනි රෝග වැඩිවීමට හේතු වී ඇතැයි සඳහන්.

සම්ප්‍රේෂණය අවම කිරීමට පියවර ගන්නා ලෙසටයි ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින්, එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පවසන්නේ උතුරු චීනයේ ළමුන් අතර හඳුනා නොගත් නියුමෝනියා රෝගයක් ව්‍යාප්ත වීම පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය බවයි.

WHO ප්‍රකාශය නිකුත් කිරීමෙන් පසුව, චීන රජයේ Xinhua ප්‍රවෘත්ති ඒජන්සිය බ්‍රහස්පතින්දා ලිපියක් ප්‍රකාශයට පත් කළ අතර එය ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ නිලධාරීන් උපුටා දක්වමින් කියා සිටියේ ඔවුන් ශ්වසන රෝග ඇති ළමුන් හඳුනා ගැනීම සහ රැකබලා ගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බවයි.

කොරොන වයිරස් වසංගතය පිළිබඳ මතකයන් ගෙන එන බැවින් චීනය සහ ආසාදන රැල්ලක් ගැන සඳහන් කිරීම මිනිසුන් කලබලයට පත් කළ හැකි අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීම යහපත් ක්‍රියාවක් බවටයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. කෙසේවෙතත් චීනයෙන් නිසි ප්‍රතිචාරයක් ලැබෙන තෙක් මෙම ආසාදන වැඩිවීමට හේතුව දැන ගැනීමට ක්‍රමයක් නැහැ.

ඔක්තෝම්බර් මාසයේ සිට, උතුරු චීනයේ පසුගිය වසර තුනේ කොවිඩ් කාලයට සාපේක්ෂව ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගයේ වැඩිවීමක් වාර්තා කර ඇති බව WHO වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

පසුගිය සතියේ චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පැවසුවේ රට පුරා ශ්වසන රෝග කිහිපයක වැඩිවීමක් සිදුවී ඇති බවයි. කොවිඩ් සීමාවන් ඉවත් කිරීම මෙම අසාදන ඉහළ යාමට හේතු වී ඇති බවයි නිලධාරීන් පවසන්නේ.

වසංගත සීමාවන් ඉවත් කළ පසු එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් රටවල උණ වැනි රෝගවල සමාන වැඩිවීම් දක්නට ලැබුණා.

එන්නත් ලබා ගැනීම, මුහුණු ආවරණ පැළඳීම සහ අත් සේදීම වැනි මූලික පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස චීනය ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38