චීනයේ දී ඔත්තු බැලූ ඔස්ට්‍රේලියානු ලේඛකයෙකුට අත්හිටවූ මරණ දඬුවමක් නියම කරයි

චීන අධිකරණයක් විසින් චීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියා ජාතික යැං හෙන්ජුන් නම් ලේඛකයාට අත්හිටවූ මරණ දඬුවමක් නියම කර තිබෙනවා.

ඔත්තු බැලීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි ඔහුට වසර පහකට පසුවයි චීන අධිකරණය මෙම අත්හිටවූ මරණ දඬුවම නියම කර ඇත්තේ.

එම දඬුවම වසර දෙකකට පසු ජීවිතාන්තය දක්වා වන සිරදඬුවමක් බවට පරිවර්තනය කළ හැකි අත්හිටවූ සිර දඬුවමක් බවයි ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ.

විද්වතෙකු සහ නවකතාකරුවෙකු වන ආචාර්ය යැං ඔහුට එරෙහි මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු, ලේඛකයෙකු සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු වන යැං හෙන්ජුන් ඔත්තු බැලීමේ චෝදනාව මත 2019 වසරේ සිට චීනයේ සිරගතවයි පසුවන්නේ.

ඔහු නිදහස් කරන ලෙස ඔස්ට්‍රේලියානු රජය පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර සෙනෙට් සභික වොන්ග් මෙම අධිකරණ තීන්දුව බිහිසුනු එකක් ලෙසට හඳුන්වා දෙමින් පැහැදිලි කිරීමක් සඳහා චීන තානාපතිවරයා ද කැඳවා තිබෙනවා.

පසුගිය වසරේ වෛද්‍ය යැංගේ පවුලේ සාමාජිකයන් අගමැති ඇන්තනි ඇල්බනීස් වෙත ලිපියක් යොමු කරමින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බවට අනතුරු අඟවා සිටි අතර චීන සංචාරයේදී ආචාර්ය යැං නිදහස් කර ගැනීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටියා.

මීට පෙර චීන රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවය කළ ආචාර්ය යැං “ප්‍රජාතන්ත්‍රවාදී පදික වෙළෙන්දා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූවා.

57 හැවිරිදි ඔහු 2019 ජනවාරි මාසයේදී Guangzhou ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔත්තු බැලීමේ චෝදනාව මතයි.

ඕස්ට්‍රේලියා නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සහ ඊට අදාළ නඩු සම්බන්ධයෙන් මීට පෙර අවධානය යොමු කර තිබුණ ද චීන විදේශ අමාත්‍යාංශය අනතුරු අඟවා තිබුණේ නඩුවට මැදිහත් නොවී අධිකරණ ස්වෛරීභාවයට ගරු කරන ලෙසටයි.

වෛද්‍ය යැං රැඳවුම් භාරයේ සිටියදී අවස්ථා 300 කට වැඩි ප්‍රශ්න කිරීම්වලට සහ මාස හයකට වඩා දරුණු වධ හිංසාවලට ලක්ව ඇති බව ඔහුගේ පවුලේ අය ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14