AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ ඉල්ලීමක් නිසා කාබනික පොහොර යලි පරික්ෂා කරන්න යයි

හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය තුන්වෙනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්නැයි, චීනය ඉල්ලීමක් කර තිබෙනවා.

චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් එම ඉල්ලීම කර ඇති බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ.

චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මෙම ඉල්ලීම සිදු කරන්නේ කාබනික පොහොර මෙරටට රැගෙන එන ලද නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන්නැයි, හාබර් මාස්ටර්වරයා සියලු පාර්ශවවලට නියෝග කර ඇති පසුබිමකදී වීමද විශේෂත්වයක්.

එමෙන්ම එම සමාගමට එරෙහිව මෙරට අධිකරණයක් විසින් වාරණ නියෝගයක් ද ලබා දෙනු ලැබුවා. ඒ එම සමාගමට මුදල් ගෙවීම සඳහා විවෘත කරන ලද ණයවර ලිපි සම්බන්ධයෙන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?