චීනයේ අලුත්ම ප්‍රතිසංස්කරණ යෝජනාව

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පූර්ණ සැසිය පසුගිය 15 වනදා ආරම්භ වූ අතර, එය ඊයේ (18) අවසන් වුණා.

එම සැසිය පැවැත්වුණේ චීන ජනාධිපති ෂී ජින් පිංගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී චීන මාදිලියේ නවීකරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ යෝජනාව සම්මත කිරීම විශේෂත්වයක්.

මේ අයුරින් චීනය ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීමේ මූලික අරමුණු වන්නේ චීන ලක්ෂණ සහිත සමාජවාදය අඛණ්ඩව වැඩිදියුණු කිරීම බවයි වාර්තා වන්නේ.

2035 වර්ෂය වනවිට සෑම ආකාරයෙන්ම උසස් ගුණාත්මකභාවයෙන් යුත් සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැඟීම චීනයේ අරමුණ බව ද මෙහිදී සඳහන් වුණා.

මෙහිදී ඉදිරිපත් කළ යෝජනාවේ දක්වා ඇති ප්‍රතිසංස්කරණ සැලසුම් 2029 වසරේ දී මහජන චීන සමූහාණ්ඩුව 80 වැනි සංවත්සරය සමරන අවස්ථාව වන විට සම්පූර්ණ කළ යුතු යැයි මෙහිදී සඳහන් වූ බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33