චීනයෙන් අසුබ ආරංචියක්

කොවිඩ් වෛරසය පළමුවෙන් හඳුනාගත් චීනයේ පසුගිය කාලයේ ආසාදිතයින් වාර්තාවූයේ ඉතා අඩුවෙනි.

නමුත් පසුගිය දින කිහිපය තුළ චීනයෙන් වාර්තාවූයේ බලාපොරොත්තු නොවන දෙයකි.

ඒ, ඊයේ (30) එරටින් කොවිඩ් ආසාදිතයින් 91 දෙනෙකු සමාජගත පුද්ගලයින් අතුරින් හඳුනාගැනීම හේතුවෙනි.

ඒ මෑතකදී එරටින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් ගණන ලෙස දැක්විය හැකිය.

සඳුදා එරටින් වාර්තා වූයේ ආසාදිතයින් 21 දෙනෙක් පමණි.

මාධ්‍ය වාර්තා පැවසුවේ චීනයේ උතුරු කලාපයෙන් මෙම ආසාදිතයින් හමුවී ඇති බවය.

එහෙත් මෙතෙක් චීනයෙන් ඔමික්‍රෝන් ආසාදිතයින් හමුවී නොමැත.