චීනයේ ගල් අඟුරු පතලක පිපිරීමකින් 90 දෙනෙක් ජීවිතක්ෂයට

චීන ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් 90 දෙනෙකු මිය ගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු චීනයේ ෂැන්සි පළාතේ ගල් අඟුරු පතලක මෙම පිපිරීම සිදුව ඇති අතර, තවත් 100 කට වැඩි පිරිසක් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

සිය ගණනක් ගලවා ගැනීමේ නිලධාරීන් එම ස්ථානයට යොමුකර ඇති අතර, ගලවා ගැනීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පිපිරීම සිදුවන අවස්ථාවේ එහි සේවකයින් 247 දෙනෙකු සේවය කරමි සිට තිබෙනවා.

චීන රාජ්‍ය මාධ්‍යවලට අනුව පිපිරීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර පතල තුළ කාබන් මොනොක්සයිඩ් මට්ටම සීමා ඉක්මවා ගොස් ඇති බවට මේ වනවිට සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මුදා ගැනීමේ මෙහෙයුමට සහාය වීම සඳහා චීනයේ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය ගලවා ගැනීමේ කණ්ඩායම් හයකින් පුද්ගලයින් 345 දෙනෙකු යොමුකර ඇති බව සඳහන්.

චීනයේ දුප්පත්ම පළාත්වලින් එකක් වන ෂැන්සි, රටේ ගල් අඟුරු කැණීම් අගනුවර ලෙස හැඳින්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14