චැම්පියන්ස් ලීග් 20-20 තරගාවලිය යළි කරළියට

චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස තරගාවලිය නැවත ආරම්භ කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂාගේ සහාය ඇතිව චැම්පියන්ස් ලීග් 20-20 තරගාවලිය මෙලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, මෙම තීරණයට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයෙන් (ECB) සහ ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් (BCCI) ද සහාය ලැබී තිබෙනවා.

The Cricketer පුවත්පතට අනුව, මෙම ශූරතාවලිය සඳහා දිනය ලබන වසරේ දී නියම කර ඇති අතර, එය ලෝක සමාජ ශූරතාවලිය ලෙස නැවත නම් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීගවලින් ජයගත් කණ්ඩායම් මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන අතර, මෙය රසිකයින් අතර ඉතා ජනප්‍රිය තරගාවලියක් වනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

The Cricketer හි වාර්තාවකට අනුව, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL), පකිස්ථාන සුපර් ලීග් (PSL), බිග් බෑෂ් ලීග් (BBL), SA20 සහ The Hundred වැනි ප්‍රධාන ලීගවල ෆ්‍රැන්චයිස් ශූරයන් යළි ආරම්භවන මෙම තරගාවලිය වෙනුවෙන් එක් වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
2
+1
5
+1
2
+1
1
+1
3
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34