චාල්ස් රජු බාල සහෝදරයාව රජ පවුලෙන් නෙරපයි

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු තම බාල සොහොයුරා වන ඇන්ඩෘ කුමරු රජ පවුලෙන් ඉවත් කර තිබෙනවා.

ඒ, අනුව ඇන්ඩෘ කුමරුගේ ‘කුමාර’ පදවිය අහිමි වී ඇති අතර, මේ හේතුවෙන් ඔහුගේ වින්ඩ්සර් මාලිගයෙන් ද නෙරපා හැරීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් සමඟ සම්බන්ධතා පැවැත් වූ බවට ඇන්ඩෘ කුමරුට චෝදනා එල්ලවීමෙන් අනතුරුව ඔහු මෙලෙස රාජකීය පවුලෙන් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (30) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාලිගය සඳහන් කළේ රජුගේ සහෝදරයා දැන් ‘ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර්’ ලෙස හඳුන්වනු ඇති බවයි.

ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ තවත් ප්‍රශ්න රැසකට මුහුණ දීමෙන් පසු, ඇන්ඩෲ මේ මස මුල දී ඔහුගේ අනෙකුත් රාජකීය පදවි අත්හැරියේ යෝර්ක් ආදිපාද තනතුරද අතහැර දමමින්.

චාල්ස් රජුගේ බාල සහෝදරයා මෙන්ම අභාවප්‍රාප්ත එලිසබෙත් රැජිනගේ දෙවන පුත්‍රයා වන ඇන්ඩෘ මේ වන විට 65 වන වියේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23