ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංකා නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.
පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගවලිය නායක චරිත අසලන්කට අහිමිව ගියේ ඔහුට තිබූ අසනීප තත්වයක් නිසා ඔහු නැවතත් ලංකාවට පැමිණීම නිසයි.
කෙසේ වෙතත් නායක චරිත අසලංකගේ නායකත්වය අහිමිවන බවට පුවත් රැසක් සමාජ මාධ්‍යවල පළ වුනු අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තේරීම් කමිටු සභපතිවරයා කියා සිටියේ ඔහුගෙන් නායකත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවයි.














Shammi go home