චමරිගේ නමත් ICC ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා නිර්දේශ නාම අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුළත් ව තිබෙනවා.

ඇයට අමතරව ඉන්දීය ක්‍රීඩිකාවන් වන ස්මෘති මන්දනා සහ ෂෆාලි වර්මා යන දෙදෙනා ද මෙම නිර්දේශ නාම අතරට ඇතුළත්.

නිමාවූ ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී දැක් වූ දක්ෂතා මත මෙම ක්‍රීඩිකාවන් තිදෙනා මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා නිර්දේශ වී තිබෙනවා.