spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චන්ද්‍රිකා වැවට කුඩා දරුවෙක් බිළිවෙයි

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ ගිලීමෙන් වයස අවුරුදු 09ක කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම දරුවා ඊයේ (24) දහවල් වැවේ දියනාමින් සිටිය දී දියේ ගිලී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් දරුවා බේරාගෙන රෝහල් ගතකර ඇති අතර එම අවස්ථාවේ දී දරුවා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය, කණාමැදිරිආර ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්.

මෙම දරුවා සිය මව සහ තවත් දෙදෙනෙකු සමඟ පැමිණ වැවේ සොරොව්ව අසළ දියනාමින් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
10
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?