ඝාතනවලට තැත් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

පුද්ගලයකු පැහැරගෙන ගොස් තියුණු ආයුධ වලින් පහරදී වෙඩි තබා බරපතල තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදේශයේදී යි.

එම සැකකරු සතුව තිබී තුර්කියේ නිෂ්පාදිත වායු රයිෆලයක්, ව්‍යාජ ජාතික හැදුනුම්පතක්, ව්‍යාජ රියදුරු බලපත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමෙන්  අත්අඩංගුවට ගත් සැකකරු මෝදර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41ක අයෙක්.

මෙම සැකකරු පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 26 වනදා කඩවත ප්‍රදේශයේ දී පුද්ගලයකු පැහැරගෙන ගොස් තියුණු ආයුධ වලින් කපා කොටා වෙඩිතබා බරපතල තුවාල කර තිබූ බව සඳහන්.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා කඩුවෙල පොලිසිය වෙත භාර දී තිබෙනවා. සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර පසුගිය ජුනි මස 12 වනදා කැකිරාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කැකිරාව පොලිසිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සමගින් ඊයේ සවස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔලුකරඳ ප්‍රදේශයේදීයි.

කැකිරාව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සැකකරු අද කැකිරාව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30