ඝාතනය වූ සුරූපි නිරූපිකාවගේ නරක් වූ මළ සිරුර ඇළකින් හමුවේ

පසුගිය පළමුව වනදා ඝාතනයට ලක් වූ ඉන්දීය නිරූපිකාවක් වන දිව්‍යා පහුජාගේ සිරුර ඊයේ (13) සොයාගෙන තිබෙනවා.

ඇයගේ නරක වූ මළ සිරුර දැවැන්ත මෙහෙයුමකින් පසු හර්යානා ප්‍රාන්තයේ ඇළක තිබී සොයාගත් බවයි විමර්ශන සිදුකරන නිලධාරීන් පැවසුවේ.

ගුරුග්‍රාම් හි හෝටල් කාමරයක් තුළ දී වෙඩි තබා ඝාතනය කර තිබූ මෙම නිරූපිකාවගේ මළ සිරුර සිද්ධිය සිදු වූ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 270ක් පමණ දුරින් පිහිටි පන්ජාබ් ප්‍රාන්තයේ භක්‍රා ඇළට දමා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව එය අසල්වැසි හර්යානා ප්‍රදේශයට ගසාගෙන ගොස් තිබිය දී මෙලෙස සොයාගත් බව සඳහන්.

සොයාගන්නා අවස්ථාවේ දී මළ සිරුර දැඩි ලෙස නරක් වී තිබූ බව සඳහන් කළ ඉන්දීය පොලිසිය, ඇයගේ සිරුරේ ස්ථානයක කොටා තිබූ පච්චයක් මඟින් එය හඳුනාගැනීමට හැකි වූ බවයි පැවසුවේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සහ DNA පරීක්ෂණයක් සඳහා යොමු කළ බවයි විමර්ශනය සිදුකරන පොලිස් නිලධාරියෙක් සඳහන් කර සිටියේ.

දිව්‍යා පහුජා පසුගිය පළමු වනදා හෝටලයක දී ඝාතනය කිරීමෙන් පසු ඝාතකයන් විසින් ඇගේ සිරුර හෝටලයේ සිට මෝටර් රථයකට ඇදගෙන යන ආකාරය ආරක්ෂිත කැමරා දර්ශනවල සඳහන්ව තිබුණා.

තරුණයින් පස්දෙනෙකු ඇයව මෙලෙස හෝටල් කාමරයකට බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබූ අතර, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ.

මෙම නිරූපිකාවගේ ජංගම දුරකථනයේ හෝටල් හිමිකරුගේ අසභ්‍ය වීඩියෝ කිහිපයක් තිබූ බවත්, ඒවා මකා දමන ලෙස ඉල්ලා සිටි නමුත් ඇය එය ප්‍රතික්ෂේප කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එම වීඩියෝ දර්ශන යොදාගෙන ඇය විසින් හෝටල් හිමිකරු බ්ලැක්මේල් කරමින් සිටි බව කියනු ලබන අතර, ඇයව මෙලෙස වෙඩිතබා ඝාතනය කිරීමට මුල් වූ හේතුව මෙය බවට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් නිරූපිකා දිව්‍යා පහුජාගේ පවුලේ අය මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40