spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඝාතනය වූ සුරූපි නිරූපිකාවගේ නරක් වූ මළ සිරුර ඇළකින් හමුවේ

පසුගිය පළමුව වනදා ඝාතනයට ලක් වූ ඉන්දීය නිරූපිකාවක් වන දිව්‍යා පහුජාගේ සිරුර ඊයේ (13) සොයාගෙන තිබෙනවා.

ඇයගේ නරක වූ මළ සිරුර දැවැන්ත මෙහෙයුමකින් පසු හර්යානා ප්‍රාන්තයේ ඇළක තිබී සොයාගත් බවයි විමර්ශන සිදුකරන නිලධාරීන් පැවසුවේ.

ගුරුග්‍රාම් හි හෝටල් කාමරයක් තුළ දී වෙඩි තබා ඝාතනය කර තිබූ මෙම නිරූපිකාවගේ මළ සිරුර සිද්ධිය සිදු වූ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 270ක් පමණ දුරින් පිහිටි පන්ජාබ් ප්‍රාන්තයේ භක්‍රා ඇළට දමා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව එය අසල්වැසි හර්යානා ප්‍රදේශයට ගසාගෙන ගොස් තිබිය දී මෙලෙස සොයාගත් බව සඳහන්.

සොයාගන්නා අවස්ථාවේ දී මළ සිරුර දැඩි ලෙස නරක් වී තිබූ බව සඳහන් කළ ඉන්දීය පොලිසිය, ඇයගේ සිරුරේ ස්ථානයක කොටා තිබූ පච්චයක් මඟින් එය හඳුනාගැනීමට හැකි වූ බවයි පැවසුවේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සහ DNA පරීක්ෂණයක් සඳහා යොමු කළ බවයි විමර්ශනය සිදුකරන පොලිස් නිලධාරියෙක් සඳහන් කර සිටියේ.

දිව්‍යා පහුජා පසුගිය පළමු වනදා හෝටලයක දී ඝාතනය කිරීමෙන් පසු ඝාතකයන් විසින් ඇගේ සිරුර හෝටලයේ සිට මෝටර් රථයකට ඇදගෙන යන ආකාරය ආරක්ෂිත කැමරා දර්ශනවල සඳහන්ව තිබුණා.

තරුණයින් පස්දෙනෙකු ඇයව මෙලෙස හෝටල් කාමරයකට බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබූ අතර, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ.

මෙම නිරූපිකාවගේ ජංගම දුරකථනයේ හෝටල් හිමිකරුගේ අසභ්‍ය වීඩියෝ කිහිපයක් තිබූ බවත්, ඒවා මකා දමන ලෙස ඉල්ලා සිටි නමුත් ඇය එය ප්‍රතික්ෂේප කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එම වීඩියෝ දර්ශන යොදාගෙන ඇය විසින් හෝටල් හිමිකරු බ්ලැක්මේල් කරමින් සිටි බව කියනු ලබන අතර, ඇයව මෙලෙස වෙඩිතබා ඝාතනය කිරීමට මුල් වූ හේතුව මෙය බවට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් නිරූපිකා දිව්‍යා පහුජාගේ පවුලේ අය මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
4
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?