ගෝලීය ව පිළිගත් ප්‍රතීතන රසායනාගාරයක් වෙනුවෙන් අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය (Accreditation) සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා අම‍ෙරිකා එක්සත් ජනපදයේ STEMedical සහ ශ්‍රී ලංකාවේ Sri Lanka Institute of Biotechnology (SLIBTEC) ආයතන අතර අවබෝධතා ගිවිසුමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (15) පෙරවරුවේ අත්සන් තැබුණා.

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) මඟපෙන්වීම යටතේ සිදු කෙරෙන ඩොලර් මිලියන 15ක් වන මෙම ආයෝජන ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට අමෙරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනය වෙනුවෙන් එහි නිර්මාතෘ මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් මහතා සහ ශ්‍රී ලංකාවේ (SLIBTEC) ආයතනය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය සමිත හෙට්ටිගේ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අමාලි රණසිංහ යන මහත්ම මහත්මීන් අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, කෘෂි, රූපලාවණ්‍ය සහ ආයුර්වේද ඇතුළු බොහෝ ක්ෂේත්‍ර සඳහා මෙන්ම ආනයන සහ අපනයන ක්ෂේත්‍රයන්හි පරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය සහිත රසායනාගාර ධාරිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව කලක සිට පැවතුණා.

මෙම අවස්ථාවට එක් වූ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා අද දිනය ශ්‍රී ලංකාවට සුවිශේෂි දිනයක් වන බවත් ප්‍රතීතනය යන්න රටකට ඉතා වැදගත් වන්නක් බවත් ප්‍රකාශ කළා.

වසර 2030 වන විට මෙරට අපනයන ආදායම දෙගුණයක් කිරීම සඳහා වන රජයේ අරමුණ කරා යාමේ දී මෙවන් ප්‍රතීතන පහසුකම් සහිත රසායනාගාර ව්‍යාපෘතියක වැදගත්කම උඩුගමසූරිය මහතා මෙහිදී අවධාරණය කළා.

දිවයින පුරා මේ වනවිට පවතින රසායනාගාර සමඟ එක්ව ප්‍රධාන රසායනාගාරයක් ලෙස කටයුතු කරමින් විවිධ ක්ෂේත්‍රයන්හි භාණ්ඩ සහ සේවාවල තත්ත්වය තහවුරු කිරීම මෙම රසායනාගාරය මගින් සිදු කිරීමට අපේක්ෂිතයි.

මෙවැනි රසායනාගාර ධාරිතාව ඉහළ නැංවීම ආදි විද්‍යාත්මක ක්ෂේත්‍රයේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට තරම් ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැක්මක් සහිත ශ්‍රී ලංකාවේ වත්මන් නායකත්වය පිළිබඳව තමන් සතුටු වන බව මෙහිදී පැවසූ STEMedical ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් මහතා, මෙම ව්‍යාපෘතිය මගින් මෙරටට සායනික වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද බොහෝ ප්‍රතිලාභ අත්වනු ඇති බව ද පැවසුවේ.

විශේෂයෙන්ම ආර්ථික විශේෂඥයින්ගේ අවධානය ද මෙරටට යොමු වනු ඇති බවත්, අප රටෙහි පමණක් නොව වෙනත් රටවල ද ඖෂධ වැනි දෑ ප්‍රතීතනය සඳහා මෙරටට යොමු කිරීමෙන් ආදායම් උත්පාදනය වනු ඇති බවත් කීර්ස්ටෙඩ් මහතා මෙහිදී සඳහන් කළා.

අමෙරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනයෙහි නිර්මාතෘ වන මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් මහතා ජාත්‍යන්තරව පිළිගත් මූලික සෛල (Stem cells) විශේෂඥයෙක්.

එසේම, අමෙරිකා එක්සත් ජනපදයේ පුනර්ජනනීය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ පිළිගත් ව්‍යවසායකයෙක්.

මේ වන විට ගෝලීය මානව ප්‍රතිශක්තිකරණ ව්‍යාපෘතියෙහි (Human Immunome Project) ප්‍රධාන විධායක නිලධාරි තනතුර දරන මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් මහතා ඩිස්කවර් සඟරාවේ ලොව ප්‍රමුඛතම විද්‍යාඥයින් 100දෙනා අතර සිටින විද්‍යඥයකු වීමද විශේෂත්වයක් වනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත සෙනරත් යාපා, ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිස්ටර් ගේබ්‍රියල් ලෝන් (Dr. Nistor Gabriel Loan) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39