ගෝලීය විකිණුම් සමුළුව මෙම මස 22 සිට 24 තෙක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් සංවිධානය කරනු ලබන “ගෝලීය විකුණුම් සමුළුව” නොවැම්බර් මස 22 දින සිට 24 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ හම්බන්තොට දීයි.

මේ සඳහා ඉන්දීය උප මහාද්වීපය, ආසියා – පැසිෆික්, යුරෝපය, මැදපෙරදිග සහ ඔස්ට්‍රෙලියාව යන කලාපීය රටවල සංචාරක නියෝජිතයන් සහ සංවිධායකවරුන් 200 ක් පමණ සහභාගී වීමට නියමිත ව ඇති බවයි වාර්තා වන්නේ.

ඊට එක්වන පළමු කණ්ඩායම අද දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන් ව උත්සවශ්‍රීයෙන් පිළිගැනීම ද සිදු කෙරුණා.

මෙම සමුළුවෙන් පසුව මෙම සංචාරක නියෝජිතයන් සහ සංවිධායකවරුන් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ අපූර්වත්වය දැක බලා ගැනීම සඳහා සංචාරය කිරීමට ද නියමිතයි.