spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෝල්ෆේස් අරගලයට දින 100යි

ගාලු මුවදොර පැවැත්වෙන අඛණ්ඩ අරගලය ආරම්භ වී අදට (17) දින 100ක් සම්පූර්ණ වනවා.

ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන ලෙස සහ වත්මන් ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බලකරමින් පසුගිය අප්‍රේල් මස 09 වනදා මෙම අරගලය ආරම්භ කළා.

තරුණ පිරිස් සහ විවිධ වෘත්තිකයන් එක්ව ආරම්භ කළ ගාලු මුවදොර අරගලයේ ප්‍රධානතම අරමුණ අරගලකරුවන් විසින් මේ වනවිටත් ජයගෙන අවසන්.

ඒ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ සටනයි.

දින දිනට දින 100ක් සම්පූර්ණ වන මොහොතේ අරගලකරුවන්ගේ ප්‍රධාන සටන් පාඨය බවට මේ වනවිට ගෝ හෝම් රනිල් (Go Home Ranil) ලෙස වෙනස්ව තිබීම ද විශේෂත්වයක්.

පසුගිය අප්‍රේල් මස 09 වනදා ආරම්භ කළ මෙම විරෝධතා ව්‍යාපාරය වටා මේ වනවිටත් විශාල පිරිසක් අතවැල් බැඳගෙන සිටින අතර දින 100ක් සපිරෙන අද දිනයේ එය සැමරීම සඳහා වි‍ශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?