වෙරි මතින් සද්දන්ත‍යෙකු ගමකට කඩා වදියි – සිදුවීමෙන් දරුවන් කම්පනයට (ඡායාරූප)

ගම්මානයට බීමතින් කඩා වැදුණු වන අලියෙකු නිසා එම ගම්මුන් බිය වී තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ (19) දහවල් කාලයේ දී වාර්තා වී ඇත්තේ පලාගල – හෙට්ටියාව ප්‍රදේශයෙන්.

අලියා ගම්මානයට කඩා වදින අවස්ථාවේ දී දරුවන් පිරිසක් සෙල්ලම් බත් උයමින් සිට ඇති අතර ඔවුන්ගේ ජීවිත බේරී ඇත්තේ අනූ නවයෙන් බවයි අප වාර්තාකරු පැවසුවේ.

වනඅලියා ගම්මානයට කඩා වැදී විශාල දේපොළ හානියක් සිදු කර තිබෙනවා.

මෙම වන අලියා එම ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පෙරන ගෝඩා බැරලයකින් බී; ඉන් මත් වී මෙලෙස ගම්මානයට කඩා වැදී ඇති බවයි හෙළි ව ඇත්තේ.

අලියා කලහකාරී අයුරින් දිවවිත් වයස අවුරුදු 03-05ත් අතර වයසේ පසුවන දරුවන් තිදෙනකු සෙල්ලම් කරමින් සිටින ස්ථානයට පැමිණ දරුවන්ට පහරදීමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේදීම දෙමාපියන් විසින් දරුවන් බේරාගෙන ඇති බවයි දසත වාර්තාකරු පැවසුවේ.

එම අවස්ථාවේ දී එක් දරුවෙකු ඇද වැටී සුළු තුවාල ලබා ඇති බවත්; එම දරුවන් මේ වනවිට සිදුවීමෙන් දැඩි කම්පනයකට පත් ව ඇති බවත් වාර්තා වනවා.

කලාවැව ජාතික උද්‍යානයට මායිම්ව ඇති හෙට්ටියාව ගම්මානය නිරන්තරයෙන් වනඅලි තර්ජනයට ලක්වන බවට ගම්වැසියන් චෝදනා කරනවා.

එමෙන්ම මෙවන් වනඅලි තර්ජන මධ්‍යයේ පවතින එම ගම්මානයේ ජනතාවට මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ඡන්ද මධ්‍යස්ථානය අලිමංකඩක පිහිටා ඇති බවට ද ගම්මුන් මැසිවිලි නගනවා.

කලාවැව ජාතික වනෝද්‍යානය වටා අලි වැටක් ඉදි කර තිබුණ ද, එය අක්‍රීය මට්ටමක පවතින බවත් සිය ගැටලුවලට බලධාරීන් නිසි විසඳුම් මෙතෙක් ලබා දී නොමැති බව ද ගම්වැසියන් මෙම සිදුවීමෙන් පසු යළි යළිත් සිහිපත් කර සිටිනවා.

WhatsApp Image 2024 09 20 at 11.25.07
WhatsApp Image 2024 09 20 at 11.25.08
WhatsApp Image 2024 09 20 at 11.25.12


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38