ගොයමට අවශ්‍ය පොහොර වෙනුවෙන් ආණ්ඩුව විසින් පොරොන්දු වූ රුපියල් පහළොස් දහසක සහනාධාර මුදල මේ වනවිට සියලුම ගොවීන්ට ලබාදීමට කටයුතු නොකිරීම හේතුවෙන් මහකන්නයේ සාර්ථක වී අස්වැන්නක් බලාපොරොත්තු තබාගත නොහැකි බව ගොවි ජාතික සමුළුව පවසයි .
මේ වනවිට ගොයම් පූදින මට්ටමට පැමිණ තිබෙන බවත් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි එම සහනාධාර මුදල නිසි කලට ලබාදීමට කටයුතු කරන්නැයි ගොවි ජාතික සමුළුවේ නියෝජිත රුවන් මදුරංග මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ සවස අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
පසුගිය අලකන්නේදී අධික වර්ෂාව හේතුවෙන් විනාශයට පත් කුඹුරු වෙනුවෙන් වන්දි ලබාදීමට මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බවත් නව බදු පනත මගින් කෘෂිකර්මාන්තයට ද සියයට දහ අටක බදු පැනවීම හේතුවෙන් ගොවිජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි ද ඒ මහතා පවසයි .
වී අස්වනු නෙලීම ආසන්න මොහොතක පාරිභෝගිකකින් වෙනුවෙන් යැයි පවසමින් කීරී සම්බාවලට මුවාවෙමින් ආණ්ඩුව විසින් සහල් ආනයනය බද්ද රුපියල් හැටපහේ සිට රුපියලක් දක්වා අඩු කර ඇති බවත් මෝල් හිමියන්ට ගොවීන්ගෙන් ඉතා අඩු මිලට සහල් මිලදීගැනීමට ඉඩ සලස්වා මෝල්හිමියන්ට වාසි වන ලෙස නැවත බදු ඉහළ නැංවීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඒ මහතා පවසයි .
මේ තුලින් ආණ්ඩුව සිදුකරනුයේ ගොවියාට හෝ පාරිභෝගිකයාට සහන සැලසීම වෙනුවට මෝල් හිමියන්ට වාසි සැලසීම බව ද ඒ.මහතා පවසයි .
ආණ්ඩුව විසින් නව පනත් ගෙනඑමින් සිදුකරනුයේ ගොවිතැන පාඩු ලබන තත්වයට පත් කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා කෘෂිකර්මාන්තය ගොවියගෙන් උදුරාගෙන එම ගොවිබිම් සමාගම්වලට භාර දීමට බවත් ගොවි ජාතික සමුළුවේ නියෝජිත රුවන් මදුරංග මහතා පවසයි.
