ගොඩනැඟිලි ඉදිරිකර දෙන බව කියා කෝටි ගණනක් වංචා කළ කතක් අත්අඩංගුවට

පුද්ගලික ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

මුල්ලේරියාව නව නගරයේ සැකකාරිය ඉදිකිරීම් සමාගමේ කාර්යාලය පවත්වාගෙන යමින් එහි අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කර ඇති අතර, එහි කාර්ය මණ්ඩලයට වෙනත් කිසිවකු සේවය කර නොමැති බවයි වාර්තා වන්නේ.

සැකකාරිය දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර දෙන බව පවසා කොළොන්නාව ප්‍රදේශයේ කන්තාවකගෙන් අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ 57ක් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී අඩක් පමණක් නිවසේ වැඩ සිදුකර දීම සම්බන්ධයෙන් අදාළ කාන්තාව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලකට අනුවයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ස්ථීර ලිපිනයක් සැකකාරියට නොමැති බැවින් සහෝදරයෙක් මාර්ගයෙන් සැකකාරිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම කළ බවයි උසස් නිලධාරියෙක් සඳහන් කළේ.

සැකකාරියට මෙවැනි ආකාරයෙන් මුදල් වංචා කිරීමේ පැමිණිලි හොරණ, කළුතර ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකින්ම පොලිසියට ලැබී ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32