ගෙවුණු වසරේ තැබූ 50 වැනි වෙඩි තැබීම වෑකඩ දී

පානදුර – වෑකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

අද (29) පෙරවරුවේ යතුරුපැදි අමතර කොටස් අලෙවි සැලකට මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින්.

වෙඩි ප්‍රහාරයෙන් යතුරුපැදි අමතර කොටස් අලෙවිසැලේ සේවය කරමින් සිටි පුද්ගලයෙකුට තුවාල සිදු වී ඇති අතර ඔහු ව රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය විමර්ශන සිදු කරනවා.

මේ අතර වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ වෙඩි තැබීම් 49ක් සිදු ව ඇති අතර මෙම වෙඩි තැබීම 50 වැනි වෙඩි ප්‍රහාරය ලෙසයි සැලකෙන්නේ.