ගෙවුණු මාස 06දී පොලිසිය අපකීර්තියට ලක්කළ නිලධාරීන් 300ගේ වැඩ තහනම් වෙයි

පසුගිය මාස 06 ඇතුළත පමණක් පොලිස් නිලධාරීන් තුන්සීයකගේ වැඩ තහනමට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රජයක් ලෙස තරාතිරම කුමක් වුවත් ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

රාජ්‍ය සේවයේ නියුතු සුළු පිරිසක් සිදුකරන වැරදි හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයටම කැළලක් ඇතිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා