spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෙදර පැවති ආර්ථික දුෂ්කරතා නිසා අරණායක කතක් දිවි නසාගෙන

නිවසේ පැවැති ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකි වූකාන්තාවක් සියදිවි හානිකර ගත් පුවතක් අරණායක, කළුගල ප්‍රදේශයන් වාර්තා වනවා.

විෂ වර්ගයක් පානය කිරීමෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 74 හැවිරිදි එක්දරු මවක් බවයි අරනායක පොලිසිය සඳහන් කළේ.

අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා රෝගාතුරවීම හේතුවෙන් දින කිහිපයක සිට නිවසේ පැවති ආර්ථික දුෂ්කරතා මත එම කාන්තාව මෙලෙස නිවසේ තිබූ වල නාශක සියරයක් පානය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මියගිය කාන්තාවගේ දියණිය ම,ඒ වනවිට විදෙස් ගතව සිටින බවට කරුණු අනාවරණය වී ඇති අතර, මෙම කාන්තාව දිවි නසා ගැනීමට පෙර දින ගණනාවක සිට කනස්සල්ලෙන් සිටි බව අයගේ සැමියා පොලිසිය හමුවේ සඳහන්කර තිබෙනවා.

මොවුන් දෙදෙනාට මසකට වැඩිහිටි දීමනාව ලෙස රුපියල් 1900ක් සහ ගොවි විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1950ක මුදලක් මසකට හිමිව ඇති බවද තොරතුරු වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?