ගෙදරට පැන්න සොරුන්ට නිවස ඇතුලේම නින්ද ගිහින් ප්‍රදේශවාසීන් අල්ලා පොලීසියට භාරදෙයි

යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමේ මූලායි ප්‍රදේශයේ නිවසක් මංකොල්ල කෑමට පැමිණි සොරුන් දෙදෙනෙකුට නිවසේම නින්දයාමෙන් පසුව එක් සොරෙකු අද (26) අලුයම් කාලයේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී තිබේ

මූලායි ප්‍රදේශයේ පිහිටි අදාල නිවසට ඊයේ (25) රාත්‍රියේ ඇතුලු වූ සොරුන් දෙදෙනෙකු නිවැසියන් නොමැති වීම හේතුවෙන් නිවසේ ආහාර පිස පසුව රූපවාහනිය නරඹමින් ආහාර ගෙන ඇති අවස්ථාවේදී කොල්ලකරුවන් දෙදෙනාටම නින්ද ගොස් ඇත.

අනතුරුව නිවෙස් හිමිකරු අද (26) අලුයම නිවසට පැමිණෙන අවස්ථාවේදී සොරුන් දෙදෙනා නිවෙස තුල සිටිනු දැක ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ට දැනුම් දී ප්‍රදේශවාසීන් සමග සොරුන් දෙදෙනා අල්ලාගැනීමට උත්සහ දරනු ලැබීය.

අනතුරුව එක් සොරෙකු ප්‍රදේශවාසීන්ගේ ග්‍රහනයෙන් මිදී පලාගොස් ඇති අතර අනෙක් සොරා අල්ලා ඒ පිළිබඳව වඩුක්කොඩ්ඩෙයි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අල්ලා සිටි සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ වෙතත් නිවසට ඇතුලු වූ සොරුන් දෙදෙනා නිවසේ කිසිවක් සොරාගෙන නොමැති අතර ඔවුන්ට ඇති වූ තෙහෙට්ටුව නිසා ආහාර ගැනීමෙන් අනතුරුව නින්ද ගොස් ඇතැයිද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු මාර්ගයෙන් පලාගිය සෙසු සැකකරුද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතරම ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද වඩුක්කොඩ්ඩෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගන්න එයි
02:32
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17
Video thumbnail
අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - අත් කහ වෙනකල් වැඩ කරලා එවන ඩොලර් මේ
06:21
Video thumbnail
ජනපති ඉදිරියේම ඉල්ලා අස්වීමට හේතුව කිව්ව කපිල.."මම කැමති වුණේ නෑ කාටවත් මඩ ගහන්න ආයුධ දෙන්න"
04:11
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59
Video thumbnail
දායකයොත් එපා කියද්දිම පන්සලේ හාමුදුරුවෝ කරපු වැඩේ..අවුකන පිළිමයට පමණක් දෙවෙනි වූ ශෛලමය පිළිමය
09:23
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08