ගුවන් හමුදා හෙලිකොප්ටර් සහ ගුවන් යානා ලබාදීම සීමා කරයි

කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීම නතර කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

එමෙන්ම සිවිල් වැසියන්ට ද මුදල් ගෙවා ගුවන් හමුදා හෙලිකොප්ටර් වෙන් කර ගැනීමට ලබාදී තිබු පහසුකම ද සිමා කිරීමට ගුවන් හමුදාව විසින් තීරණය කර තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහ ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඉන්ධන ප්‍රශ්නය ඇතුළු හේතු කාරණා ගණනාවක් පදනම් කරගෙන එම තීරණයට එළඹුණු බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ විදේශීය රාජ්‍ය නායකයන්ගේ සංචාර සඳහා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බැඳී සිටින බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

කැබිනට් හා කැබිනට් නොවන ඇමැතිවරුන්ට හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙයට පෙර සපයනු ලැබුවා.

මේ අතර හිටපු ඇමැතිවරුන් ගණනාවක් ඔවුන්ගේ ගුවන් සංචාර වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයවිය යුතු රුපියල් කෝටියකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නොමැති බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්නේ මහ ජනතාව නෙවෙයි..එහෙම බම්බුවක් නෑ - ළඟදිම ආයේ පඩි වැඩිවෙනවා
05:24
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
01:16
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී - දුම්රිය ධාවනයට බාධා
01:46
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17