ගුවන් හමුදා විසිරි යෑමේ පෙළපාලියේදී ජනපති මතකයට නැගු අතීත සිදුවීම්

යම් කෙනෙක් තමන් යටතේ සිටින නිලධාරීන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම ආයෝජනය කරනවිට, ඔවුන් ද ඔවුන්ට හැකි සෑමදෙයක්ම එම පුද්ගලයා වෙනුවෙන් ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එය සාර්ථක නායකත්වයක එක් ලක්ෂණයක් වන අතර එය තමන් තුළ ප්‍රගුණ කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.

කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අද (29)පෙරවරුවේ පැවති ගුවන් හමුදා වරලත් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

දැනුම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කුසලතා වර්ධනයෙන් සහ අත්දැකීම් තුළින් ලබාදෙන පාඩම් ඉගෙනීමට වෙහෙසී ක්‍රියා කළයුතු බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙහිදී, වසර 70කට අධික කාලයක් ගුවන් හමුදාව මාතෘභූමියට ලබාදුන් සේවය හා ජාතිය ගොඩනැගීමේදී මෙන්ම ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමේදී කළ මෙහෙවර ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් කෙරුණා.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“තමන් නායකත්වය දෙන අය කෙරෙහි පවතින අව්‍යාජ සැලකිල්ල නිසා කෙතරම් ප්‍රභල බලපෑමක් ඇති කළ හැකිදැයි යන්න හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මම හොඳාකාරව දනිමි.1980 දශකයේ අගභාගයේදී මම ජෙනරාල් විජය විමලරත්නගේ නායකත්වයෙන් යුතුව ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරියා ලෙස පලාලි හි ස්ථානගතව සිටියෙමි.”

“මේ කාලය තුළ යාපනයේ සිටි අපට සෑම මසකම දින පහක් පමණ ගුවන් මගින් කොළඹට පැමිණීමට නිවාඩු ලබා දෙන ලදී.”

“එක් දවසක හවස් වරුවකදී ජෙනරාල් විමලරත්න මට කිව්වා කොළඹ ගිහින් එන්න කියලා.”

“ඒ අවස්ථාවේදී මා කොළඹට පැමිණීමට නියමිතව නොමැති බව මම ඔහුට දැනුම් දුන්නා.”

“ඔහු ප්‍රතිචාර දක්වමින් පැවසුවේ පසුදින මගේ බිරිඳගේ උපන්දිනය වූ බැවින් මා යා යුතු බවයි.”

“ඒ තරමටම ඔහු තම කනිෂ්ඨ නිලධාරීන් ගැන දැනුවත්ව සිටි අතර ඔහු අපව හොඳින් බලාගනු ලැබුවා.”

“මෙය සිදුවී වසර 40කට ආසන්න කාලයකට පසු අද පවා ජෙනරාල් විමලරත්නගේ මෙම කාරුණික ක්‍රියාව මම මහත් ආදරයෙන් සිහිපත් කරමි.”

“මට කවදාවත් අමතක නොවුණු තවත් සිදුවීමක් තිබේ. ඒ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සම්බන්ධව.”

“1991 දී අලිමංකඩ හමුදා කඳවුර මුදාගැනීමේ ‘බලවේගය’ මෙහෙයුම අතරතුර එක් තරුණ මේජර්වරයෙක් ජෙනරාල් කොබ්බෑකඩුව වෙත පැමිණියා.”

“තම පුතා රාජකීය විද්‍යාලයට ඇතුළත්වීමේ සම්මුඛ පරීක්ෂණයකට යන බව පවසමින් ඒ සඳහා සහාය ලිපියක් ඉල්ලා සිටියා.”

“ජෙනරාල් කොබ්බෑකඩුව වහාම පෑනක් කඩදාසියක් ගෙන්වා ගත්තා.”

“ඉන්පසුව ඔහු රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට වෙත ලිපියක් ලියමින් සඳහන් කලේ මෙම තරුණ නිලධාරියා යුධ පිටියේ සිටින බවත්, තම රට වෙනුවෙන් සටන් කරන බවත්, ඔහුගේ පුතා පාසලට ඇතුළත් කිරීමේදී දක්වන සැලකිල්ල අගය කරන බවත්ය.”

“එම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් මේ තරුණයා අද ඉතා සාර්ථක ඉංජිනේරුවෙකු බවත්, ජෙනරාල් කොබ්බෑකඩුව මහතා ඔවුන්ට ලබා දුන් සහයෝගයට ඔහු මෙන්ම ඔහුගේ පියාද සදා කෘතඥ වන බවත් මම පෞද්ගලිකව දනිමි.”

“මෙම සිදුවීම් දෙකෙන් පෙන්නුම් කරන්නේ ඔබ ඔබේ අණ යටතේ සිටින පුද්ගලයින්ට ඔබ කොතරම් සැලකිල්ලක් දැක්විය යුතුද සහ සහාය විය යුතුද යන්නයි.”

ජනාධිපතිවරයා සිදුකළ සම්පුර්ණ කතාව පහතින් :

ගුවන් හමුදා වරලත් නිලදාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය අමතා ජනාධිපතිතුමා කළ සම්පුර්ණ කතාව 1
ගුවන් හමුදා වරලත් නිලදාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය අමතා ජනාධිපතිතුමා කළ සම්පුර්ණ කතාව 2
ගුවන් හමුදා වරලත් නිලදාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය අමතා ජනාධිපතිතුමා කළ සම්පුර්ණ කතාව 3
ගුවන් හමුදා වරලත් නිලදාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය අමතා ජනාධිපතිතුමා කළ සම්පුර්ණ කතාව 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14