ගුවන් යානා දෙකක් ගැටී අනතුරක්

අමෙරිකානු සුප්‍රසිද්ධ ගුවන් සමාගමක් වන ‘ඩෙල්ටා’ ගුවන් සමාගමට අයත් ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ ලොව අතිශය කාර්‍යයබහුලතම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන ඇට්ලන්ටා හි හාට්ස්ෆීල්ඩ් ජැක්සන් ගුවන්තොටුපොළේ දීයි.

එයාර්බස් A- 350 යානාව සහ එම ගුවන් සමාගම සතු CRJ- 900 යානාවක් මෙලෙස ගැටී තිබෙනවා.

අනතුරින් කිසිවෙකු තුවාල ලබා නැති අතර ගුවන් ගමනක් සඳහා ප්‍රවේශ කරමින් සිටියදීයි මෙම අනතුර සිදු ව ඇත්තේ.

CRJ-900 යානාවේ තිරස් සහ සිරස් ස්ථායිකාරක (Vertical & Horizontal Stabilizer ) එම යානාවෙන් වෙන් වන්නට තරම් මෙම අනතුර දරුණු වී තිබුණා.