ගුවන් ප්‍රහාර මධ්‍යයේ ගාසා තීරයේ වැසියන්ට ඉවත් වීමේ අනතුරු ඇඟවීම්

ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර තීව්‍ර කරන බවට දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ, අනුව තවමත් උතුරු ගසා තීරණයේ රැඳී සිටින පලස්තීනුවන්ට එම ප්‍රදේශවලින් ඉවත්ව දකුණට පලා යන ලෙස අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයට එක රැයකින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 55 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ඊශ්‍රායලයට හමාස් ප්‍රහාරය දියත් කර සති දෙකක් ගතවන් වකවානුවක ගාසා තීරයේ 4300කට වැඩි පිරිසක් ඝාතනය වී ඇති බවයි පලස්තීන බලධාරීන් පවසන්නේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියට අනුව, ගාසා තීරයේ රෝහල්වල සිටින අලුත උපන් බිළිඳුන් අවම වශයෙන් 120 දෙනෙකුගේ පමණ ජීවිත අවදානමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඔක්තෝබර් 07 වනදා සිට ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායල ප්‍රහාර දියත් කිරීමෙන් දැනටමත් ළමුන් 1,700 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14