ගුරු විභාග පවත්වන්නේ නඩු තීන්දු අනුව බව අගමැති හරිනි කියයි

​ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගුරු විභාග ද්විත්වය පවත්වනු ලබන්නේ පවතින නඩු කටයුතුවලට අදාළ අධිකරණ තීන්දු අනුව බවත්, ලැබී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන උපාධිය ලබාගත් දිනය සම්බන්ධ කොන්දේසි සංශෝධනය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කළ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

​නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මොනරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ද්විතීයික පාසල් සඳහා සුහුරු පුවරු (Smart Boards) ලබාදීමේ වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 132ක් සඳහා සුහුරු පුවරු පිරි නැමෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ක්‍රියාත්මක ඩිජිටල් කාර්යසාධක බලකායේ මැදිහත්වීම මත සිදුකෙරෙන මෙම වැඩසටහනේ සංකේතවත් පියවරක් ලෙස ද්විතීයික පාසල් 10ක් සඳහා සුහුරු පුවරු ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අද (13) දිනයේ දී සිදු වුණා.

ළමා ආරක්ෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සැකසූ නව ඩිජිටල් ප්‍රතිපත්තිය එළඹෙන අප්‍රේල් මාසයේදී හඳුන්වා දෙන බවද මෙහිදී අවධාරණය කෙරුණා.

​නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට හඳුන්වා දුන් නව ඉගෙනුම් ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය අද (13) මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල්වල සංචාරයක ද නිරත වුණා.

​සිසුන් සංඛ්‍යාව ඉහළ යාම සහ යටිතල පහසුකම් සංවර්ධනය වීම සැලකිල්ලට ගනිමින්, මදුරුකැටිය මහා විද්‍යාලයේ නම “මොනරාගල ධර්මරාජ මහා විද්‍යාලය” ලෙස වෙනස් කිරීමට පාසල් සංවර්ධන සමිතිය ඉදිරිපත් කළ යෝජනාවට ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අනුමැතිය ලබා දුන්නා.

මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති අධ්‍යාපන බලධාරී හමුවේදී නිලධාරීන් අමතමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියේ, ​පවතින ගුරු පුරප්පාඩුවලට සම්පූර්ණ විසඳුමක් නොවුණත්, මෙම විභාග හරහා සැලකිය යුතු සහනයක් ලබාදිය හැකි බවයි.

”අධිකරණ තීරණය අනුව උපාධිය ලබාගත් දිනය 2025.06.30 ලෙස කලින් නම් කර තිබුණත්, බොහෝ පිරිසකගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව එම දිනය සංශෝධනය කිරීමට අධිකරණ⁣යෙන් ඉල්ලීමක් කළා ඒ ලැබෙන තීරණ අනුව අපි කටයුතු කරනවා. ”

”පාසල් යටිතල පහසුකම් වෙනුවෙන් නිවැරදි සැලසුම් අනුව ලබා දී ඇති ප්‍රතිපාදන විනිවිදභාවයකින් යුතුව වියදම් කර එහි ප්‍රගතිය ඉදිරිපත් කළ යුතුයි. ජාතික, පළාත් හෝ ග්‍රාමීය, නාගරික ලෙස බෙදී අපට මේ ගමන යා නොහැකියි. අධ්‍යාපන බලධාරීන් ලෙස ඔබ නිවැරදි දත්ත මත පදනම්ව කඩිනම් සහ නිවැරදි තීරණ ගන්න.”යැයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සහ පිරිවෙන් ගුරුවරුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් කමිටුව දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවද අග්‍රාමිත්‍යතුමිය සඳහන් කළා.

​මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වෙළෙඳ හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ, ඌව පළාත් අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41