ගුරු – විදුහල්පතිවරු අවසන් තීරණය දැනුම් දෙයි

රජය තීරණය කළ පරිදි ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කළ ද ඊට සහභාගි නොවීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද තීරණය කරනු ලැබුවා.

කෙසේ වෙතත් ලබන 25 වැනිදා සිට තමන් පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කරන බව එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේ.

වැටුප් විෂමතාව විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම් කටයුතුවලින් ඉවත්ව ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 99 ක් ගත වී තිබේ.

එවන් පසුබිමකදී එළඹෙන 21 වැනිදා සිට සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය මේවන විටත් තීරණය කර අවසන්ය.

ඒ අනුව 21 වැනිදා පාසල් ආරම්භ වීමත් සමග ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙම තීරණය ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
52
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?