ගුරුවරියක් ලෙස සැරසී සිල්ලර බඩු ඉස්සූ කතක් අල්ලයි

ගුරුවරියක් ලෙස පෙනී සිටිමින් වෙළෙඳසැල්වලින් භාණ්ඩ සොරකම් කළ කාන්තාවක් අද (19) දහවල් පොතුහැර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

නිවන්ති සුමනා ආලෝක බණ්ඩාර නමැති මෙම සැකකාරිණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වාසිවැව – බලල්ල ප්‍රදේශයේ දී යි.

සොරකම් කරන ලද සිල්ලර භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොතුහැර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.