ගුරුවරියක් පොල් ගෙඩියකින් සිසුවෙකුගේ හිසට පහරදීලා ?

හැටන් නගරයේ පිහිටි පාසලක දරුවෙකුට එම විදුහලේ ගුරුවරියක විසින් සිසුවාගේ හිසට පොල් ගෙඩියකින් පහරදීමේ සිදුවීමකට එරෙහි ව එම දරුවාගේ පියා ඇතුළු පිරිසක් නිහඬ විරෝධතාවක නිරත වුණා.

ඒ අද පෙරවරුවේ සිටයි.

මෙම විරෝධතාව පාසල ඉදිරිපිට දී පැවැත්වුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එම විදුහලේ සිසුන් සඳහා අද දිනයේ ද විභාගය පැවැත්වෙන බැවින් මෙම උද්ඝෝෂණය නිහඬ ව විද්‍යාලය ඉදිරිපිට පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.

පහරකෑමට ලක් වූ දරුවාගේ පියා වන ක්‍රිෂ්ණකුමාර් පැවසුවේ තම දරුවා 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත්, පසුගිය සඳුදා විදුහලේ සරස්වතී පූජාව පැවැත්වීමෙන් අනතුරුව විභාග ප්‍රශ්න පත්‍රයකට වැරදියට පිළිතුරු සැපයූ බවට චෝදනා කරමින් අදාළ ගුරුවරිය සිය දරුවාගේ ඔළුවට පොල් ගෙඩියකින් පහර දී ඇති බවයි.

නමුත් තම දරුවා එම පහරදීම සම්බන්ධයෙන් කිසිවක් තමන්ට නොකියූ බවත් දින දෙකක සිට සිය දරුවා අසනීප ගතියකින් පෙලුණ බැවින්, තමන් පුතාගේ හිස අතගාමින් පසුතැවිල්ලට හෝ අසනීපයට හේතු කුමක්දැයි විමසූ බවයි.

හිස අතගාන විට දී දරුවාගේ හිසෙහි ඉදිමුම් වැනි ගෙඩියක් මතු ව තිබූ නිසා, තමන් ඒ පිළිබඳ ව දරුවාගෙන් කොතෙක් විමසුව ද ඔහු පිළිතුරක් නොදුන් හෙයින්, තම මවට ඒ සම්බන්ධයෙන් පුතාගෙන් අසන ලෙසට තමන් දැනුම්දුන් බව ද ක්‍රිෂ්ණකුමාර් පවසනවා.

තම බිරිඳ විදෙස්ගත ව සිටින බැවින්, තම දරුවා, නැගණිය සහ මව සමගින් එක නිවසෙහි ජීවත් වන බවත්, තම නැගණියගෙන් පුතා අසා ඇත්තේ පොල් ගෙඩියකින් ඔළුවට ගැසූ විට කුමක් වන්නේ දැයි යන්නයි.

මේ පිළිබඳ ව ඇය සිය මවට පැවසූ විට, තම දරුවා ඔවුන් හට සියල්ල පවසා ඇති බවත්, පන්ති කාමරයේ දී ගුරුවරිය සිය හිසට පොල් ගෙඩියකින් දමා ගැසූ බව ද පහරකෑමට ලක් වූ ශිෂ්‍යයා පවසා තිබෙනවා.

දරුවා ගුරුවරයාට ඇති බිය හේතුවෙන් පසුව පවසා ඇත්තෙ පොල් ගෙඩිය ඔළුව මත තබා තරවටු කළ බවටයි.

නමුත් පියා විසින් දරුවාගේ පන්තියෙහි යාළුවන්ගෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ, සිය සගයාට ගුරුවරිය විසින් පොල් ගෙඩියකින් පහර දුන් බවටයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම දරුවාගේ පියා හැටන් පොලිසියේ පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

එමෙන්ම පහර කෑ දරුවා තවමත් දික් ඔය ග්ලැන්කන් රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, මේ සම්බන්ධයෙන් වහාම විනය පරීක්ෂණයක් අදාළ ගුරුවරියට එරෙහිව සිදු කරන ලෙසටත් මෙම පියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

නමුත් එම පාසලේ විදුහල්පතිනියගෙ සිදු කළ විමසීමක දී ඇය සඳහන් කර ඇත්තේ; එම සිසුවා පහරකෑමට ලක් වූ දිනයේ දී පාසලේ දී තවත් සිසුන් කිහිපදෙනෙකු සමග රණ්ඩු වී ඇති බවත්, පහර දුන්නා යැයි පැවසෙන ගුරුවරියගෙන් ඒ සම්බන්ධයෙන් විමසූ විට ඇය එසේ නොකළ බවට සඳහන් කළ බවයි.

පසුව පහර කෑ දරුවාගේ යහළුවන් ගෙන්වා ඇසූ විට, විදුහල්පතිනිය ඉදිරියේ දී ඔවුන් පවසා ඇත්තේ පොල් ගෙඩිය හිස මත තබා ගුරුවරිය විසින් තද කළා මිසෙක පහර නොදුන් බවටයි.

මෙම පාසලේ විදුහල්පතිනිය මේ වනවිට ප්‍රතිකාර ලබමින් රෝහල්ගත ව සිටින සිසුවා ව බැලීමට ද ගොස් ඇති අතර, එහිදී දරුවාගේ පියා සඳහන් කර ඇත්තේ, මෙම ප්‍රශ්නය විදුහල් භූමියේ දී විසඳාගත යුතු බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32