ගුද මාර්ගයට කම්පෙෂර් වායුව ඇතුල් කිරීමෙන් පසු 16 හැවිරිදි ළමයා ජීවිතක්ෂයට

පුද්ගලයෙකු විසින් පිරිමි ළමයෙකුගේ ගුද මාර්ගයට වායු සම්පීඩකයකින් (කම්පෙෂර්) වායුව ඇතුළු කිරීමෙන් පසු එම ළමයා මිය යාමේ පුවතක් අසල්වැසි ඉන්දියාවේ පූනේ හි හදප්සාර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පිරිමි ළමයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

හදප්සාර් කර්මාන්තපුරයේ, විවිධ පිටි වර්ග නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් තුළ දී පසුගිය සඳුදා මෙම සිදුවීම සිදුව තිබෙනවා.

අදාළ පුද්ගලයා විසින් විහිළුවක් සිදුකිරීමට ළමයාගේ පසුපස ප්‍රදේශයට වායු සම්පීඩකයේ බටය අල්ලා ඇති අතර, එම අවස්ථාවේ දී ළමයාගේ ගුද මාර්ගය ඔස්සේ විශාල වායු ප්‍රමාණයක් ශරීරය අභ්‍යන්තරයට ගොස් තිබෙනවා.

එහිදී ළමයාගේ උදරය ඉදිමීමත් සමඟ ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් ශරීර අභ්‍යන්තරයේ තුවාල සිදුවීම හේතුවෙන් රෝහල් ගත කළ ළමයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

මෙම සිද්ධියට සම්බන්ධ ගවුඩ් නැමති 21 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29