ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 06ක ජයක්


ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් කඩුලු 06 ක ජයක් අත්කරගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. 

එම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09 ක් දැවී ලකුණු 189 ක් රැස් කළා. ලියම් ලිවින්ස්ටෝන් පන්දු 27 කදී ලකුණු 64 ක් රැස් කළේ හතරේ පහර 07 ක් සහ හයේ පහර 04 ක් ද සමඟයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 04 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ තරඟයේ අවසන් පන්දුවේ වීම විශේෂත්වයක්. තරගයේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දු දෙකේදී රාහුල් තෙවාටියා හයේ පහර දෙකක් එල්ල කරමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. ශුබ්මන් ගිල් පන්දු 59 කදී ලකුණු 96 ක් රැස් කළා. ඒ හතරේ පහර 11 ක් සහ එක් හයේ පහරක් සමඟයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40
Video thumbnail
බීරි අලින්ට හෝන් ගැසීම..කිසි ගානක් නැතුව තමගේ පාඩුවේ යන හැටි
00:44
Video thumbnail
සජිත් කරාපිටිය රෝහල ගැන හෙළිකරපු දේ..මේ සත්‍ය දත්ත මත මම කිව්වේ..සාක්ෂි තියෙනවා
05:11
Video thumbnail
දිවුරුම් ප්‍රකාශ දුන් අය නිසා ජනපතිට යකා නගියි..එහෙම ඉන්න බෑ..ඉවත් කරන්න ඕනි අවදානම් තැන්වලින්
08:19