ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තියුණු තරගයක් ඊයේ (16) රාත්‍රියේ පැවැත් වුණා.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවති මෙම තරගයෙන් අවසන් පන්දුවාරය තුළ දී තියුණු ජයක් හිමිකර ගැනීමට රාජස්ථාන් ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් 177 ක් රැස් කළා.
එහිදී ගුජරාට් ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වෙමින් ශුබ්මන් ගිල් සහ ඩේවිඩ් මිලර් ලකුණු 45ක් සහ 46ක් බැඟින් රැස් කිරීමට සමත් වුණා.
ලකුණු 178ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රාජස්ථාන් පිළේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම කල්වේලා ඇතිව ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ගුජරාට් පන්දු යවන්නන් කටයුතු කළා.
ඒ, අනුව තරගයේ ජය ආරම්භයේ සිටම ගුජරාට් පිළ දෙසට හරවා ගන්නට ඔවුන් කටයුතු කළ අතර, සටන අත්හැරීමට අකමැති වූ රාජස්ථාන් නායක සංජු සැම්සන් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 32ක් තුළ ලකුණු 60ක් රැස් කළා.
සැම්සන්ගේ දැවීයාමෙන් පසු ගුජරාටය දෙසට තරගයේ ජය යළිත් දෝලනය වූ අතර, අවසන් මොහොත තෙක් සටන අත් නොහැරි ෂිම්රොන් හෙට්මයර් අවසන් පන්දුවාරයේ දී තරගයේ ජය තම කණ්ඩායමට ගෙනඒමට කටයුතු කළා.
නොදැවුණු ඉනිමක් දියත් කළ හෙට්මයර් පන්දු 26ක් තුළ නොදැවී ලකුණු 56ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ, අනුව පන්දුවාර 19යි පන්දු 02ක් තුළ කඩුලු 07ක් දැවී ලකුණු 179ක් රැස්කරමින් රාජස්ථානය ජය ගත්තා.
මෙම ජයත් සමඟ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තව දුටටත් පෙරමුණේ සිටින්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට මේ වනවිට හැකිව තිබෙනවා.
තරගයෙන් අනතුරුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලසිත් මාලිංග තරගයේ ජයග්‍රහණය කණ්ඩායමට ගෙන ඒමට වැඩි දායකත්වයක් ලබාදුන් සංජු සැම්සන් සහ හෙට්මයර්ට සුබ පැතුම් එක්කර තිබූ ආකාරය සමාජ මාධ්‍යයේ දැකගත හැකි වුණා.














