ගිලිහෙමින් පවතින සාරධර්ම සහ හර පද්ධතීන් රට තුළ යළි ස්ථාපනය කරනවා – ජනපති

ලොව කිසිදු රාජ්‍යයක් තම රටේ සංස්කෘතික වටිනාකම් සහ අතීත සම්ප්‍රදායන් අමතක කර දියුණුව කරා ගමන් කර නොමැති බව බවත්, වත්මන් රජය රට ගොඩනඟන්නේ ගිලිහෙමින් පවතින සාරධර්ම සහ හර පද්ධතීන් රට තුළ යළි ස්ථාපනය කරමින් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයේ රන්වැට සහිත ශෛලමය බෝධි ප්‍රාකාරය විවෘත කිරීමේ උත්සවයට අද (25) පස්වරුවේ එක්වෙමින්.

රංගිරි දඹුලු රජමහා විහාරය වෙත පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක අභිනව බෝධි ප්‍රාකාරය විවෘත කර ප්‍රථම මල් පූජාව සිදු කළා.

අනතුරුව බෝධි ප්‍රාකාරය විවෘත කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වුණා.

උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ යහපත් සමාජයක් ගොඩනැඟීම නීතියෙන් පමණක් කළ නොහැකි බවයි.

එහිදී ආගමික දර්ශනය මත පදනම්ව විශාල සමාජීය කාර්යභාරයක් ඉටු කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කාර්යයේදී ගමේ විහාරාධිපති හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ආගමික නායකයින්ට ප්‍රමුඛ වගකීමක් පැවරී තිබෙන බවද සඳහන් කළා.

රටට අවශ්‍ය ආර්ථික, සමාජයීය සහ දේශපාලන පරිවර්තයේදී නැණගුණයෙන් මෙන්ම යහගුණයෙන් පෝෂිත අනාගත පරපුරක් ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් රජය විසින් සැලසුම් සකස් කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසුවා.

එමෙන්ම අනාගත පරපුර මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීම වෙනුවෙන් සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීමට රජය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46