spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපරාධයක් සඳහා සැරසුණු අයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

අපරාධයක් සඳහා සැරසෙමින් සිටි පුද්ගලයෙකු T56 උණ්ඩ යොදා වෙඩි තැබිය හැකි ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටිය දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුම වැඩ සටහනට සමගාමීව ඊයේ (14) දින ඇල්පිටිය පොලිස් වසමේ දියකිතුල්කන්ද, තල්ගස්වල, ඇල්පිටිය ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර තිබුණා.

එහි දී මෙරට නිෂ්පාදිත T56 උණ්ඩ යෙදිය හැකි නීති විරෝධී කටස් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි 38 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?