ගින්නකින් නිවාස 4කට හානි

අද (14) උදෑසන මට්ටක්කුලිය – ශ්‍රී වික්‍රමපුර ප්‍රදේශයේ නිවාස පෙළක හට ගත් ගින්නකින් නිවාස 4 කට හානි සිදුව තිබෙනවා.

නිවාස දෙකකට පූර්ණ හානි සිදුව තිබේ.

තවත් නිවාස 2 කට අර්ධ හානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

නිවසක භූමිතෙල් ලිපක් පෙරලීයාමෙන් ගින්න හට ගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරන අතර ගින්න පාලනය කිරීමට කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ 5ක් ද යොදා ගැණුනා.