Indian Premier League

ගෑස් සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්න – අගමැති

ඉදිරි සති 03 තුළ ගෑස් සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

පාර්ලිමේන්තුවේ දී අද (07) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් රැස් කර තබා නොගන්නා ලෙසයි.

එමෙන්ම හෙක්ටයාර දෙකකට අඩු කුඹුරු හිමි ගොවියන් විසින් ලබාගෙන ඇති වගා ණය සම්පූර්ණයෙන් කපා හැරීමට තීරණය කළ බව ද අග්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ප්‍රකාශයෙදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?