spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් මිල උඩ ගියත් ආහාර මිල උඩ යන්නේ නැහැ

ලිට්‍රෝ සමාගම විසින් ගෑස් මිල ඉහළ දැමූව ද ආපනශාලාවල ආහාර මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදුනොවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

අද (06) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

තිරිඟු පිටි ඇතුළු වූ ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීම නිසා ආප ශාලා සඳහා යම් සහනයක් හිමිව ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මෙම දුෂ්කර අවස්ථාවේ දී පාරිභෝගිකයන්ට සහනයක් වන අයුරින් කටයුතු කිරීමට ආපනශාලා හිමියන් කටයුතු කළ යුතු බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?