ගෘහස්ථ ගෑස් සිලින්ඩර අලෙවි කිරීමේදී අදාළ මිල ගණන් වෙළෙඳසැල තුළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
නියමිත මිල ගණන්වලට වඩා ඉහළ මිලකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව ගෑස් අලෙවි නියෝජිතයින් විසින් ගෑස් අලෙවි කරන මිල ගණන් පාරිභෝගිකයින්ට ඉතා හොඳින් පෙනෙන ආකාරයෙන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව ඔවුන් පවසා සිටී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වාදෙන්නේ ගෑස් අලෙවි නියෝජිතයින් නියම කර ඇති මිල ගණන්වලට වඩා වැඩි මිලට ගෑස් සිලින්ඩර අලෙවි කිරීම සහ ගෑස් තොග තබාගෙන අලෙවි කිරීම ප්‍රතික්ෂේප කිරීම ද සිදුනොකළ යුතු බවය.
වැඩි මිලට ගෑස් සිලින්ඩර අලෙවි කරන සහ ගෑස් තොග තබාගෙන අලෙවි කිරීම ප්‍රතික්ෂේප කරන වෙළඳුන් සොයා දිවයින පුරා වැටලීම් සිදුකරන අතර අදාළ වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය.














සමහර ගැස් නියොජිතයන් විසින් තිුවිල් අයිතිකරැවන්ට ගැස් සිලින්ඩර විශාල පුමානයක් මුදල් මත ලබා දි ඔවුන්ගේ නම්බර් ගැස් පාරිභෝගිකයන්ට ලබා දි ඇත.ඔවුන් පුවාහන ගාස්තු කියා පාරිභෝගිකයාගෙන් විශාල මුදලක් ගසා කනු ලබන මාපියාවක් බිහි වි ඇත.මේ ගැන අවදානය යොමු කරන්න.
Please locate the gas agents who stock filled gas cylinders without issuing customers. Please cancel their agency. They sell at higher prices. Should implement an immediate system to issue gas equally to ordinary people. Sri Jayawardena Pura Etul Kotte, just opposite Mati ambalama(Near Mahindarama Rd) there is a gas agent and he is owing a resturant and when gas comes he stored it for his takeway business and not issuing consumers. these type of things added general public to refuse this government