ලිට්‍රෝ ගෑස්මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් එම සමාගමේ සභාපතිවරයා අද (04) නිවේදනය කළා.
ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204.00කින් අඩුකළ බවයි ඔහු සඳහන් කළේ.
මෙම මිල අඩු කිරීමත් සමඟ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2982.00 දක්වා පහත යනවා.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 83.00කින් මිල අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 1198.00ක්.
එම සමාගම මඟින් වෙළඳපොළට නිකුත් කරන කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 37.00කින් අඩුකර තිබෙනවා.
මෙම මිල අඩු කිරීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.
ලෝක වෙළඳපොළේ ගෑස් මිල අඩුවීම සහ රුපියල ශක්තිමත් වීමත් සමඟ මෙලෙස ගෑස් මිල අඩු කිරීමට හැකි වූ බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.













