UPDATE:ගැරඬිඇල්ල ප්‍රපාතයට පෙරලුණු වෑන් රියේ කතුන් තිදෙනකු හා දරුවෙකුට අසාධ්‍යයයි

කොත්මලේ පොලිස් වසමේ නුවරඑළිය – මහනුවර මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේ දී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් ඊයේ (14) පස්වරුවේ සිදු වූ අනතුරින් තුවාල ලැබූ පිරිසෙන් අසාධ්‍යය තත්ත්වයේ පසුවූවන් කිහිපදෙනෙකු මහනුවර හා පේරාදෙණිය රෝහල් වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යවා තිබෙනවා.

මෙම අනතුරෙන් වෑන් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු, කාන්තාවන් 10 දෙනෙකු හා ළමුන් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වූයේ.

මෙම අනතුර ද පසුගියදා මගීන් 23 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට ආසන්නයේ දී සිදු ව තිබෙනවා.

තුවාලකරුවන් අතරින් කාන්තාවක් හා ළමුන් දෙදෙනෙකු කොත්මලේ රෝහලට හා සෙසු පිරිස ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුළත් කළ කාන්තාවන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත හා එක් දරුවෙකු පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙම පිරිස රාජාංගණය ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා ගොස් සිට නැවත පැමිණෙමින් සිට ඇති බවට අනාවරණය වී ඇත්තේ.

කොත්මලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03