ගැබිනි සමයේදී විටමින් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

මවු පදවිය ලබා ගැනීම මේ ලෝකයේ ජීවත්වන සෑම කාන්තාවකගේම සිහිනයක් ලෙසම සොබාදහමේ පැවැත්ම තීරණය කරන්නා වූ වැදගත් සාධකයක්ය.
ඇය ගැබ් ගැනීමෙන් අනතුරුව තම කුස තුළ වැඩෙන කලලය ආරක්ෂා කර ගැනීමට බොහෝ කැප කිරීම් කරයි. තමන් ගන්නා ආහාර පාලනය කිරීම, තමන්ගේ දෛනික ඉරියව් වෙනස් කිරීම සහ තමන් සිතන පතන ආකාරය පවා ඇය වෙනස් කරගන්නේ නිරෝගී, බුද්ධිමත් දරුවකු මෙලොවට දායාද කිරීමේ අරමුණ සහිතවයි.

අතීතයේ එදිනෙදා සපයා ගන්නා ආහාර මඟින් දරු ගැබට සහ මවට අවශ්‍ය වන පෝෂණය සම්පූර්ණ කර ගැනීමට ඔවුන්ට හැකි විය. නමුත් වර්තමානයේ තත්ත්වය එසේ නොවේ.

අද මවුවරු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වෙනුවට, විස රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වූ ආහාර වර්ග වැඩි වශයෙන් ආහාරයට එක් කර ගනිති.මේ නිසාම කෘත්‍රිම ආහාර මඟින් යකඩ, විටමින්, ප්‍රෝටීන් ආදී අවශ්‍යතා සම්පූර්ණවීමක් සිදු වන්නේ නැහැ.

ඒ නිසා බහුතරයක් මවුවරුන් විවිධ පෝෂණ උෟනතාවන්ගෙන් පෙළීමද දක්නට ලැබීම සුවිශේෂී කරුණක්. මව පෝෂණ උෟනතාවන්ට ලක්වුවහොත් එය ඍජුවම කුස තුළ වැඩෙන දරුවාටද බලපායි. එය නිරෝගී දරුවකුගේ ඉපදීමට බාධාවක්.එම නිසාමයි ගර්භණී සමය තුළ මවුවරුන්ට විවිධ පෝෂණ කොටස් ඔෟෂධ මඟින් ලබා දෙනු ලබන්නේ.

ෆෝලික් අම්ලය එලෙස ලබාදෙන විටමින් වර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. දරුවාගේ ස්නායු පද්ධතියේ වර්ධනයට ෆෝලික් අම්ලය බොහෝ සෙයින් වැදගත් වනවා සේම, මවක් ෆෝලික් අම්ලය නිසි පරිදි ලබා නොගතහොත් මොළයේ වැඩීමක් නොමැතිව දරුවන් බිහිවීම, සුෂුම්නාවේ ගැටලු සහිත දරුවන් ඉපදීම සහ විවිධ ස්නායු ආබාධ සහිත රෝගී දරුවන් බිහිවීම සිදුවිය හැකිය. යම් කාන්තාවක ගැබ් ගැනීමට අදහස් කරන කාලයට මාස තුනකට පමණ පෙර සිටම ෆෝලික් අම්ලය ලබාගත යුතුය.

නිරෝගී මවක් නම් ෆෝලික් අම්ලය මිලිග්‍රෑම් එකක ප්‍රමාණයක්ද, දියවැඩියාව, වලිප්පුව වැනි රෝගී තත්ත්වයන් ඇති මවුවරු මිලිග්‍රෑම් පහක මාත්‍රාවක්ද ලබා ගැනීම වඩාත් සුදුසුයි. එමඟින් මවට අවශ්‍ය ෆෝලික් අම්ල අවශ්‍යතාව සම්පූර්ණ වේ. ගැබිනි මවකට අවශ්‍ය වන තවත් පෝෂක සංඝටකයක් ලෙස යකඩ හඳුන්වන්න පුළුවන්.

අතීතයේ මවුවරු පලා වර්ග, හාල්මැස්සෝ වැනි ආහාර මඟින් ඔවුන්ගේ යකඩ අවශ්‍යතාව සපුරා ගත්තද අද වන විට කෘත්‍රිම ක්‍රම මඟින් යකඩ අවශ්‍යතාව සපුරාලීමට පෙලඹී තිබෙනවා. ගර්භණී මවකගේ රතු රුධිරාණු ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා 40%ක, 50%ක ප්‍රමාණයකින් ඉහළ යන අතර රතු රුධිරාණු මඟින් සිදු කරනුයේ ශ්වසන මාර්ගයෙන් ලබා ගන්නා ඔක්සිජන් ශරීරය පුරා ප්‍රවාහනය කිරීමයි.

ඒ සඳහා හිමොග්ලොබින් නම් සංඝටකය උදවු වේ. හිමොග්ලොබින් සෑදීමට නම් යකඩ වැඩි වශයෙන් වුවමනාය. එම නිසා සාමාන්‍ය කාන්තාවකට වඩා වැඩි යකඩ ප්‍රමාණයක් ගැබිනි මවක් ලබාගත යුතුය. ඇතැම් මවුවරුන්ට යකඩ පෙති මඟින් යම් සංකූලතා වන හෙයින් කලලයට සති 14ක් ඉක්ම ගිය පසු යකඩ පෙති ලබා ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් ලබාදේ.

මෙහිදී යකඩ පෙති රාත්‍රියට පමණක් ගැනීමට මව සිහි තබා ගත යුතු අතර යකඩ පෙති සමඟ කැල්සියම් පෙති ලබා ගැනීම නොකළ යුතුය. මන්දයත් කැල්සියම් මඟින් යකඩ උරාගැනීම අඩුවේ. එමඟින් ඔබ බලාපොරොත්තු වන පෝෂණ අවශ්‍යතාව ඔබට නොලැබී යන්නට පුළුවන්.

එම නිසා කැල්සියම් පෙති උදයටත්, යකඩ පෙති රාත්‍රියටත් ලබාගත යුතුය. යකඩ වගේම කැල්සියම්ද ගර්භණී මවකගේ පෝෂණයට වැදගත් වන හෙයින් වෛද්‍ය උපදෙස්වලට අනුකූලව ඒවා ලබා ගැනීමට සෑම මවකගේම අවධානය යොමු වීම වැදගත්ය. ඔබ ගර්භණී මවක් වූ පසු ඇඟ ගල්වන ආලේපන පිළිබඳවද වැඩි අවධානයක් ලබා දීමද වැදගත් වේ. විශේෂයෙන්ම මුහුණේ කුරුලෑ සඳහා ආලේප කරන විටමින් ඇ අඩංගු ආලේප භාවිත කිරීම නුසුදුසුයි. එමඟින් දරුවාගේ වර්ධනයට බලපෑම් ඇති විය හැකිය.

නිරෝගී දරුවකු මෙලොවට දායාද කිරීමට අදහස් කරන සෑම මවක්ම ඉහත කරුණු ගැන සිතීමට අවශ්‍ය වේ. අද බොහෝමයක් මවුවරුන් සිතා සිටින්නේ තමන් ලබාගන්නා ආහාරවලින් පමණක් තම පෝෂණ අවශ්‍යතාව සැපිරෙන බවයි.

නමුත් වෙළෙඳපොළේ ඇති බොහෝමයක් ආහාර සකසන්නේ කෘත්‍රිමවය. ඒවාහි විස රසායනික ද්‍රව්‍ය ඇතුළත් නිසා පෝෂණ ගුණයන් නැති වී යෑමට ඉඩ ඇත. එම නිසා යකඩ, කැල්සියම්, විටමින්, ෆෝලික් අම්ලය, ඔමෙගා, සින්ක් වැනි පෝෂක කොටස් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

ඊට අමතරව ගෙවත්තෙන් සපයා ගත හැකි නිවිති, විවිධ පලා වර්ග සහ හාල්මැස්සන්, කුඩා මාළු වැනි ආහාර සපයා ගැනීමට ගැබිනි මව උනන්දු විය යුතුයි. මවක් ලෙස ඔබ ඔබේ පෝෂණය සලසා ගන්නේ යම්සේද කුස තුළ වැඩෙන දරුවාගේ පෝෂණයටත් එය වැදගත් වෙනවා. එයින් ඔබට නිරෝගී, බුද්ධිමත් සහ ක්‍රියාශීලී දරුවකු මේ ලෝකයට දායාද කිරීමට හැකිවෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ද, මමද පොර කියලා ජනතාවනේ තීන්දු කරන්නේ - පක්ෂ කැඩීමේ ආනිශංස අපි වින්දනේ l Namal Rajapaksa
03:12
Video thumbnail
දැරියන් 50 - 60%ත් අතර ප්‍රමාණයක් ඔසප් ක්‍රියාවලිය නිසා පාසල් යන්නේ නෑ..මේක බියෙන් තොරව කතා කරන්න
09:38
Video thumbnail
වැලිකඩ OIC ලබන 09වෙනිදා දක්වා රිමාන්ඩ් - හිනාවෙවී කට්ටිය එක්ක ඇතුළට යන හැටි
01:50
Video thumbnail
සෙට් එකක් ඇවිත් නවතා තිබූ කැබ් රථයක් උස්සපු හැටි
01:58
Video thumbnail
ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල්
01:15
Video thumbnail
අහිංසක උපාධිධාරීන්ගෙන් ආණ්ඩුව කෝටි 44ක් අරගෙන - දයාසිරිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:01
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමේ වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයකුත් සොයාගනී - මෙන්න නවතම දර්ශන
00:58
Video thumbnail
සජබෙන් ඡන්ද 21,000 ක් එක්ක ආව කියා බොරු කිව්ව තරුණය ප්‍රසිධියේ සියල්ල හෙළිකරයි
01:16
Video thumbnail
බොරු කියලා පොහොට්ටුවේ වේදිකාවට නැග්ග තරුණයා හැමෝගෙන්ම සමාව ගයි..මට කළකිරුණා
01:53
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමට පැමිණි මෝටර් රථය යැයි සැකකරන මෝටර් රථයක් සොයාගනී
01:07