AFC Banner
Empty Ad
Empty Ad

ගැටගසා මුහුදට දැමූ මළ සිරුරක් සංගුපිටිය මුහුදේ තිබී හමුවෙයි

නයිලොන් ලණුවකින් අතපය බැඟ පොලිතීන් රෙද්දක ඔතන ලද  පිරිමි  මළ සිරුරක් කිළිනොච්චිය පුනරීන් සංගුපිටිය මුහුදේ තිබී පොලීසිය පසුගිය 28 දා සොයා ගෙන තිබේ. සංගුපිඩ්ඩි පාලම මාර්ගයේ ගමන්ගත් පිරිසක් විසින් අදාල මළ සිරුර මුහුදේ පාවෙනු දැක ඒ බව පුනරීන් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් අදාල ස්ථානයට ගොස් මළ සිරුර ගොඩට ගැනීමට පියවර ගෙන ඇත. පාවෙමින් තිබූ මළ සිරුර නරක්ව තිබූ බවත් නයිලොන් ලණුවකින් අතපය ගැටගසා මුහුදට දමා ඇතිසෙයක් හඳුනාගත හැකි බවත් දන්වා ඇත.පොලීසිය මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා කිළිනොච්චිය රෝහලට බාර දී ඇති අතර මෙම පුද්ගලයා ඝාතනය කොට ඔහුගේ මළ සිරුර පොලිතීන් රෙද්දක ඔතා ලණු වලින් ගැට ගසා මුහුදට විසි කරන්නට ඇති බව සැකකරන බව පුනරීන් පොලීසිය පවසයි.

ගොඩට ගත් මළ සිරුර පරික්ෂා කිරීමේදී මළ සිරුර බොහෝ සෙයින් නරක්ව තිබීම නිසා හඳුනාගැනීමට නොහැකිව ඇති අතර මළ සිරුරේ අත් පා බැඳ සිරුර මාළු දැලකින් වැනි නයිලෝන් නූල් වලින් ඔතා මුහුදට දැමීම හේතුවෙන් එය ඝාතනයක් බවට පොලීසිය සැක පළ කර තිබේ.

මළසිරුර ප්‍රදේශයේ ධීවරයෙක්ගේදැයි සැකසහිත බවත් පොලිසිය මත පළ කර තිබේ.කිළිනොච්චිය අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය වන සතීස්කුමාර් විජයරාණී මහත්මිය විසින් එම මළ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වා මියගිය පුද්ගලයා හදුනා ගැනීමටත්  සිද්ධිය පිළිබදව විමර්ශනය කොට සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් පුනරීන් පොලිසියට නියෝග කොට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?